• Chathura Ramanayake

නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හි චන්දිමාල් ස්ථාන 11කින් ඉදිරියට !!



නවතම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් ලයිස්තුව අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දැක්වූ දක්ෂතා මත දෙරටෙහි ක්‍රීඩකයන් පෙර රැදීසිටි ස්ථානයහි වෙනස්කම් සිදුවී ඇත. පාකිස්තාන ටෙස්ට් නායක බාබර් අසාම් නවතම ශ්‍රේණිගතකිරීම්හි තෙවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ ස්ටීවන් ස්මිත් අභිබවා යමිනි.


ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානය හා දෙවන ස්ථානයෙහි කිසිදු වෙනස්කමක් සිදුවී නොමැත. ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 11කින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත. ඒ අනුව දිනේෂ් චන්දිමාල් මේ වන විට ශ්‍රේණිගතකිරීම්හි 18 වැන්නා ලෙසින් රැදී සිටියි. පාකිස්තාන කණ්ඩායම පළමු ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය කරා රැගෙන ගිය අබ්දුල්ලා ශාෆික් ස්ථාන 23කින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු 16 වැන්නා ලෙසින් රැදී සිටියි.


ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ශ්‍රේණිගතකිරීම්හි එක් ස්‍ථානයකින් පසු බැස ඇත. එමෙන්ම පළමු ක්‍රීඩකයන් 15 අතර රැදී සිටි ඇන්ජලෝ මැතිවුස් ස්ථාන 7කින් පසු බැස ඇත. ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ස්ථාන 2කින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත. පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම්හි ස්ථානයන් 11කින් ඉදිරියට පැමිණීමට ප්‍රභාත් ජයසූරිය සමත්ව ඇත. එමෙන්ම පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්‍රිඩි පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම්හි තෙවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණ ඇත.


ශ්‍රී ලංකා පිතිකරුවන් රැදී සිටින ස්ථාන

දිමුත් කරුණාරත්න - 8 (-1)

දිනේෂ් චන්දිමාල් - 18 (+11)

ඇන්ජලෝ මැතිවුස් - 21 (-7)

කුසල් මෙන්ඩිස් - 47 (+2)

නිරෝෂන් දික්වැල්ල - 48 (-4)

ධනංජය සිල්වා - 49 (-2)

ඕෂධ ප්‍රනාන්දු - 58 (+11)

පැතුම් නිස්සංක - 68(-1)

කුසල් පෙරේරා - 75 (-2)

ලහිරු තිරිමාන්න - 79(-1)

කමිදු මෙන්ඩිස් - 85


ශ්‍රී ලංකා පන්දු යවන්නන් රැදී සිටින ස්ථාන

ලසිත් ඇඹුල්දෙණිය - 42(-3)

ප්‍රභාත් ජයසූරිය - 45 (+11)

කසුන් රාජිත - 49 (-5)

රමේෂ් මෙන්ඩිස් - 51 (-1)

ලහිරු කුමාර - 53 (-1)

අසිත ප්‍රනාන්දු - 55 (-1)

ප්‍රවීන් ජයවික්‍රම - 61

විශ්ව ප්‍රනාන්දු - 65 (-2)

ධනංජය ද සිල්වා - 87

0 views0 comments