• Chathura Ramanayake

දාහත් වසරකට පසුව එංගලන්ත ටෙස්ට් පිළ දෙසැම්බර් මසදී පාකිස්තාන සංචාරයකට !!



වසර 17කට පසුව එංගලන්ත කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයකට එක්වීමට නියමිතය. මෙම තරග සංචාරයට විස්සයි විස්ස තරග 7ක් හා ටෙස්ට් තරග තුනක් ඇතුළත්ය. තරගාවලියට ඇතුළත් ටෙස්ට් තරග තුන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අදාල තරග ලෙසින් පැවැත්වෙයි.


එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය වෙනුවෙන් පැවැත්වෙන පුහුණු කදවුර නොවැම්බර් මස 18වනදා අබුඩාබිහිදී ආරම්භ වීමට නියමිතය. ඉන් අනතුරුව එංගලන්ත කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර තෙදින පුහුණු තරගයක් නොවැම්බර් මස 23-25 දිනවලදී පැවැත්වෙයි.


එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ විස්සයි විස්ස තරග 7 එළඹෙන සැප්තැම්බර් මස 20වනදා සිට ඔක්තෝබර් මස 2වනදා තෙක් කරච්චි හා ලාහෝර් ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිතය.


දෙරට අතර ටෙස්ට් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස පළමු වැනිදායින් ආරම්භ වීමට නියමිතය. පළමු ටෙස්ට් තරගය රාවල්පින්ඩිහිදී පැවැත්වෙයි. දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් මස 9වනදා මුල්තාන්හිදී ආරම්භ වීමට නියමිත අතර තෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් මස 17වනදා කරච්චිහිදී පැවැත්වීමට නියමිතය.


විස්සයි විස්ස තරගාවලිය

1st T20: September 20, National Stadium, Karachi

2nd T20: September 22, National Stadium, Karachi

3rd T20: September 23, National Stadium, Karachi

4th T20: September 25, National Stadium, Karachi

5th T20: September 28, Gaddafi Stadium, Lahore

6th T20: September 30, Gaddafi Stadium, Lahore

7th T20: October 2, Gaddafi Stadium, Lahore


ටෙස්ට් තරගාවලිය

Three-day warm-up: England v Lions, November 23-25, Abu Dhabi

1st Test: December 1-5, Rawalpindi Cricket Stadium

2nd Test: December 9-13, Multan Cricket Stadium

3rd Test: December 17-21, National Stadium, Karachi

43 views0 comments