• Chathura Ramanayake

දුවිදු තිලකරත්න තරගාවලියේ හොදම පන්දු යවන්නා ලෙසින් සම්මාන ලබයි !!!




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලිය ඊයේ දිනයේදී නිමාවට පත් වූයේ පිට පිට දෙවන වරටත් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය ශූරයන් ලෙසින් කිරුලු පළන්දවමිනි. තරගාවලියේ මූලික වටය කාණ්ඩය 2ක් යටතේ පැවති අතර එහිදී සෑම කණ්ඩායමක්ම තරග 12 බැගින් ක්‍රීඩා කළහ. මූලික වටයේ කාණ්ඩ 2හි පෙරමුණ හිමිකරගත් කණ්ඩායම් හතර අවසන් වටයට සුදුසුකම් ලැබීය. නමුත් මූලික වටය අවසානයේදී වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ දුවිදු තිලකරත්න අභිබවා යන්නට අවසන් වටයේදීද කිසිදු පන්දු යවන්නෙකු අපොහොසත් විය. ඒ අනුව මෙවර අන්තර් සමාජ එක්දින තරගාවලියේ හොදම පන්දු යවන්නා ලෙසින් BRC ක්‍රීඩා සමාජයේ දුවිදු තිලකරත්න සම්මාන ලැබීය.


අන්තර් සමාජ එක්දින තරගාවලිය අවසානයේදී වැඩිම කඩුලු ලාභියා බවට BRC ක්‍රීඩා සමාජය නියෝජනය කරන වමත් දගපන්දු යවන ක්‍රීඩක දුවිදු තිලකරත්න පත් වූයේ කඩුලු 36ක් දවාගනිමිනි. දුවිදු තිලකරත්න සිය හොදම පන්දු යැවීම ලෙසින් රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 26කට කඩුලු 5ක් බිදහෙලීය. දුවිදු තිලකරත්නගේ පන්දු යැවීමේ සාමාන්‍ය 9.55ක් ලෙසින් සටහන් වද්දී පන්දුවාරයකට ප්‍රතිවාදීන්ට ලබා දී ඇත්තේ ලකුණු 3.35ක් පමණි. දුවිදු තිලකරත්න මෙවර තරග වාරයේ අවස්ථාවන් හතරකදී කඩුලු 4 බැගින් දවාගැනීමට සමත් වී ඇති අතර එක් අවස්ථාවකදී කඩුලු 5ක් දවාගෙන ඇත.


වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැන්නා බවට පත් වන්නට අකිල ධනංජය සමත්වන්නේ තරගාවලිය තුළ කඩුලු 35ක් දවාගනිමිනි. අකිල ධනංජය මෙවර තරගාවලියෙහි අවස්ථාවන් තුනකදීම කඩුලු 5 බැගින් බිදහෙලන්නට සමත් වී ඇත. වැඩිම කඩුලු ලාභීන් අතරෙහි තුන් වැන්නා බවට කොළඹ ක්‍රීඩා සමාජයෙහි තුන් ඉරියව් ක්‍රීඩක අශාන් ප්‍රියංජන් පත්ව ඇත්තේ කඩුලු 34ක් දවාගනිමිනි. අශාන් ප්‍රියංජන් මූලික වටය අවසානයේදී කඩුලු 32ක් දවාගෙන තිබූ අතර අවසන් පූර්ව වටයේ තරගයේදී කඩුලු 2ක් දවාගැනීමට සමත් වීමත් සමගින් ඔහු දවාගත් කඩුලු ගණන 34ක් දක්වා ඉහළ ගොස් ඇත.


තරගාවලියේ ශූරතාවය හිමිකරගත් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ දිලුම් සුදීර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර සිව්වැන්නා බවට පත් වූයේ තරග 14ක් තුළදී කඩුලු 32ක් දවාගනිමිනි. NCC ක්‍රීඩා සමාජය නියෝජනය කරන අසෙල් සිගේරා වැඩිම කඩුලු ලාභීන් අතර පස්වැන්නා බවට පත් වූයේ තරග 11කට ක්‍රීඩා කරමින් කඩුලු 30ක් බිදහෙලමිනි. මෙවර තරගාවලියේ අනුශූරතාවය කරා සිය කණ්ඩායම රැගෙන යාමට පන්දුවෙන් දස්කම් පෑ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සුමින්ද ලක්ෂාන් වැඩිම කඩුලු ලාභීන් අතර හයවැන්නා බවට පත් වූයේ කඩුලු 30ක් දවාගනිමිනි.


ඒස් කැපිටල්ස් ක්‍රීඩා සමාජයේ නිම්සර අතරගල්ලද තරගාවලියේදී කඩුලු 30ක් දවාගැනීමට සමත්ව ඇති අතර ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ දිල්රුවන් පෙරේරා හා මීගමුව ක්‍රීඩා සමාජයේ ධනුෂ්ක සදරුවන් තරගාවලියේදී කඩුලු 29 බැගින් දවාගැනීමට සමත් වී ඇත. යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සීක්කුගේ ප්‍රසන්න දසවැනි ස්ථාන හිමිකොටගෙන ඇත්තේ කඩුලු 28 බැගින් දවාගනිමිනි.


ක්‍රීඩකයා


පන්දුවාර ගණන


කඩුලු

හොදම පන්දු යැවීම


සාමාන්‍ය

දුවිදු තිලකරත්න


102.4

36

5/26

9.55

අකිල ධනංජය


113.5

35

5/27

11.68

අශාන් ප්‍රියංජන්


92.2

34

6/22

10.44

දිලුම් සුදීර


116.5

32

4/12

11.81

අසෙල් සිගේරා

99.1

31

5/18

9.93

සුමින්ද ලක්ෂාන්

88.2

30

5/29

11.43

නිම්සර අතරගල්ල

82.1

30

5/27

15.06

දිල්රුවන් පෙරේරා

93.2

29

5/8

10.0

ධනුෂ්ක සදරුවන්

93.5

29

5/15

10.41

සීක්කුගේ ප්‍රසන්න

98.3

28

6/27

12.03


(Image Source : SLC Media)

0 views0 comments