• Shaminda Jayarathne

දෙවන ටෙස්ට් තරඟයට එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්!

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය වන ඊයේ දිනය අවසන් වද්දී තම ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 111ක් වාර්තා කරගෙන සිටියා.


කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු නායක ඩීන් එල්ගාර් විසින් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළත් එම තීරණය සාර්ථක වුණේ නෑ. ආරම්භයේ සිටම දකුණු අප්‍රිකානු පිතිකරුවන් හට පිටියේ ස්ථාවර වීමට ඉඩ ලබා නොදුන් ජේම්ස් ඇන්ඩර්සන් ඇතුළු එංගලන්ත පන්දු යවන්නෝ කඩුලු එක පිට එක දවාගත්තා.


දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පසුපෙළ පිතිකරු කාගිසෝ රබාඩායි. ඔහු පන්දු 72 කදී ලකුණු 36ක් රැස් කළා. වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 25 සීමාව ඉක්මවීමට ඉඩ ප්‍රස්ථාව ලබා නොදුන් එංගලන්ත පන්දු යවන්නන් විසින් දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 151 කට සීමා කළා. පන්දු යැවීමේදී ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.


තම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි එංගලන්ත මුල් පෙළට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අවස්ථාව නොදුන් දකුණු අප්‍රිකාව එංගලන්ත පළමු කඩුලු 3 ලකුණු 43 කට බිඳ හෙලුවා. නමුත් සැක් ක්‍රව්ලි හට එක් වූ ජොනී බෙයාස්ටෝ විසින් දිනය නිමා වන විට සිව්වන කඩුල්ලට නොබිඳුනු ලකුණු 68ක් එක් කළේ දිනයේ වාසිය තමන් සතුකර ගනිමින්. අද තරඟයේ දෙවන දිනයයි.


තරඟ සාරාංශය


දකුණු අප්‍රිකාව පළමු ඉනිම 151-10

කාගිසෝ රබාඩා 36(72), කීගාන් පීටසර්සන් 21(29), කයිල් වෙරයිනේ 21(49)

ජේම්ස් ඇන්ඩර්සන් 32/3, ස්ටුවර්ට් බ්‍රෝඩ් 37/3


එංගලන්තය පළමු ඉනිම 111-3

ජොනී බෙයාස්ටෝ 38(45)*, ඔලී පෝප් 23(27)

ලුන්ගි න්ගිඩි 20/1, අන්රික් නෝකියේ 28/1

1,140 views0 comments