• Chathura Ramanayake

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් !!!



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද දිනයේදී නිමාවට පත් වූයේ තරග 1-1ක් ලෙසින් ජයපරාජයෙන් තොරවයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනීමට සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 364ක් රැස්කළහ. එහිදී ස්‍ටීවන් ස්මිත් නොදැවී ලකුණු 145ක්ද මානස් ලබුශේන් ලකුණු 104ක්ද රැස්කිරීමට සමත් වූ අතර පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 6ක් බිදහෙලීය.


සිව්වන දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනීමට කඩුලු 6ක් දැවී ලකුණු 431ක් රැස්කොට සිටියහ. අද දිනයේදී ශ්‍රී ලංකා ඉනීමට තවත් ලකුණු 41ක් එක් වද්දී ලකුණු 29ක් රැස්කොට සිටි රමේෂ් මෙන්ඩිස් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට මිචෙල් ස්ටාක් සමත් විය. අනතුරුව මහීෂ් තීක්ෂණ ලකුණු 10කටත් ප්‍රභාත් ජයසූරිය ලකුණු නොලබා දැවී යන විටත් ලකුණු පුවරුව 505ක් ලෙසින් දිස්විය. අවසන් කඩුල්ල වෙනුවෙන් හුදකලා ඉනීමක් දියත් කරන්නට හිටපු නායක දිනේෂ් චන්දිමාල් වගබලාගත්තේය.


මිචෙල් ස්ටාක්ගේ පන්දුවාරයකදී පිට පිට හයේ පහර 2ක් එල්ල කරමින් සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කරන්නට දිනේෂ් චන්දිමාල් සමත් වූයේ වාර්ගත ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට විය. ශ්‍රි ලංකා කණ්ඩායම සිය පළමු ඉනීම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 554ක් රැස්කිරීමට සමත් විය. විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා දිනේෂ් චන්දිමාල් හතරේ පහර 16ක් හා හයේ පහර 5ක් සමගින් නොදැවුනු ලකුණු 206ක් රැස්කිරීමට සමත් විය.


ලකුණු 190ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනීම ඇරඹූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම ඉනීමේදීත් තර්ජනයක් එල්ල කරන්නට ප්‍රභාත් ජයසූරිය සමත් විය. පළමු ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ ස්ටීව් ස්මිත් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්නට ප්‍රභාත් ජයසූරියට හැකිවිය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 41ක් තුළ සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 151ක් පමණි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ මානස් ලබුශේන් ලකුණු 32ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 6ක් දවාගත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල තරගයේ හොදම පන්දු යැවීම සිදුකරමිනි. ඒ අනුව මෙම තරගය ඉනීමකින් හා ලකුණු 39කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. තරගයේ වීරයා ලෙසින් ප්‍රභාත් ජයසූරියද තරගාවලියේ වීරයා ලෙසින් දිනේෂ් චන්දිමාල්ද සම්මානයට පාත්‍ර විය.


ඕස්ට්‍රේලියානු පළමු ඉනීම - 364/10 (110)

ස්ටීව් ස්මිත්* 145(272), මානස් ලබුශේන් 104(156), උස්මාන් කවාජා 37(77), ඇලෙක්ස් කෙරී 28(61)

ප්‍රභාත් ජයසූරිය 6/118, කසුන් රාජිත 2/70 , මහීෂ් තීක්ෂණ 1/48


ශ්‍රී ලංකා පළමු ඉනීම - 554/10 (181)

දිනේෂ් චන්දිමාල්* 206(326), දිමුත් කරුණාරත්න 86(165), කුසල් මෙන්ඩිස් 85(161), කමිදු මෙන්ඩිස් 61(137), ඇන්ජලෝ මැතිවුස් 52(117)

මිචෙල් ස්ටාක් 4/89, මයිකල් ස්වෙප්සන් 3/103, නේතන් ලයන් 2/194


ඕස්ට්‍රේලියානු දෙවන ඉනීම - 151/10 (41)

මාන්ස් ලබුශේන් 32(59), උස්මාන් කවාජා 29(47)

ප්‍රභාත් ජයසූරිය 6/59, මහීෂ් තීක්ෂණ 2/28, රමේෂ් මෙන්ඩිස් 2/47

6 views0 comments