• Chathura Ramanayake

දෙවන ඉහළම වටිනාකමක් හිමි චාමික ඇතුළු ක්‍රීඩකයන් රැසක් හෙට SA20 වෙන්දේසියට.


දකුණු අප්‍රිකානු ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය හදුන්වා දෙන මෙම ලීග් තරගාවලිය SA20 ලෙස නම් කොට ඇති අතර තරගාවලියට කණ්ඩායම් 6ක් ක්‍රීඩා කරයි. තරගාවලියේ එක් එක් කණ්ඩායම් වලට වෙන්දේසියට පෙර උපරිම ක්‍රීඩකයන් 5ක් බැගින් ඇතුළත් කොට ගත හැකිවිය.


එහිදී මුම්බායි කේප්ටවුන්, ඩර්බන් සුපර් ජයන්ට්ස්, ජොහැන්ස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම් ක්‍රීඩකයන් 5 දෙනෙකු එක් කොටගත් අතර පර්ල් රෝයල්ස් ක්‍රීඩකයන් සිව්දෙනෙක්ද, ප්‍රිටෝරියා කැපිටල්ස් හා සන්රයිසස් ඊසටන්කේප් කණ්ඩායම් ක්‍රීඩකයන් දෙදෙනෙකු බැගින්ද එක් කොටගෙන ඇත.


හෙට දිනයේදී පැවැත්වීමට නියමිත වෙන්දේසියට ක්‍රීඩකයන් 533ක් ලියාපදිංචි වී ඇති අතර සෑම කණ්ඩායමටම ක්‍රීඩකයන් 17ක් බැගින් එක් කොටගත හැකිය. එම ක්‍රීඩකයන් අතරට විදෙස් ක්‍රීඩකයන් හත්දෙනෙකු හා දේශීය ක්‍රීඩකයන් දසදෙනෙකු ද ඇතුළත් කරගත යුතුය. ක්‍රීඩක වෙන්දේසියට ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයන් අතුරින් 248දෙනක්ම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් වෙයි.



හෙට දිනයේදී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට වටිනාකම් කිහිපයක් යටතේ ක්‍රීඩකයන් කාණ්ඩ ගත කොට ඇත. එහිදී වැඩිම වටිනාකමක් සහිත (ඇමරිකානු ඩොලර් 101,000ක) කාණ්ඩයට ජේඩ්න් සීල්ස් හා ඕඩියන් ස්මිත් ඇතුළත්ය. ඇමරිකානු ඩොලර් 98000 වටිනාකම සහිත කාණ්ඩයට ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයන් 8ක් ඇතුළත්ය. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 30ක් පමණ හෙට වෙන්දේසිය වෙනුවෙන් එක්වනු ඇත.


ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා ඔවුන්ගේ වටිනාකම දකුණු අප්‍රිකානු රෑන්ඩ් ඒකකයෙන්


මිලියන 1.7

චාමික කරුණාරත්න


ලක්ෂ 8.5

පැතුම් නිස්සංක

කුසල් පෙරේරා

දිනේෂ් චන්දිමාල්

කසුන් රාජිත

මතීෂ පතිරණ

ධනංජය ද සිල්වා

ධනුෂ්ක ගුණතිලක

අකිල ධනංජය

බිනුර ප්‍රනාන්දු

නුවන් ප්‍රදීප්

අවිශ්ක ප්‍රනාන්දු


ලක්ෂ 4.5

කුසල් මෙන්ඩිස්

ජෙෆ්‍රි වැන්ඩසේ

ලහිරු මදුසංක

කමිදු මෙන්ඩිස්

තරිඳු කෞෂාල්

අශාන් ප්‍රියංජන්

රමේෂ් මෙන්ඩිස්

විශ්ව ප්‍රනාන්දු

ධනංජය ලක්ෂාන්


ලක්ෂ 1.75

දුනිත් වෙල්ලාලගේ

ලක්ෂාන් සදකැන්

නුවන් තුෂාර

අසිත ප්‍රනාන්දු

දුෂාන් හේමන්ත

සුමින්ද ලක්ෂාන්

ශෙහාන් මදුසංක

ප්‍රමෝද් මදුෂාන්

දිල්ෂාන් මධුසංඛ







4,066 views0 comments