• Chathura Ramanayake

දිලංක ඉසුරු පළමු පදක්කමේ බර කරට ගෙන ඉහළටම ඔසවයි.



22වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනාගැනීමට බර ඉසිලීමේ ක්‍රීඩක දිලංක ඉසුරු කුමාර අද දිනයේදී සමත්කම් දැක්වීය. දිලංක ඉසුරු කුමාර ක්‍රීඩකයා කිලෝග්‍රෑම් 55 පිරිමි තරග ඉසව්වෙහි ලෝකඩ පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් සටහනට ඇතුළත් කිරීමට අද දිනයේදී සමත් කම් දැක්වීය.


මෙම තරග ඉසව්වෙහිදී ඔහු ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 105ක බර ප්‍රමාණයක් ඉසිලීමට සමත් වූ අතර ක්ලීන් ඇන්ඩ් ජර්ග් ක්‍රමයට පළමු අවස්ථාවේදීම කිලෝග්‍රෑම් 120ක බර ප්‍රමාණයක් ඔසවන්නට සමත් විය. ඒ අනුව කිලෝග්‍රෑම් 55 බරපන්තියේ ලෝකඩ පදක්කම ඉසුරු කුමාර සතු විය. එම ඉසව්වෙහි රන් පදක්කම මැලේසියානු ක්‍රීඩක මොහොමඩ් අනීක්ටද රිදී පදක්කම ඉන්දීය ක්‍රීඩක සංකේත් මහාදේව්ටද හිමි විය.


ඒ අනුව මෙම ක්‍රීඩකයන් ඔසවන ලද සමස්ථ බර පහත පරිදිය


මොහොමඩ් අනීක් - 249Kg

සංකේත් මහාදේව් - 248Kg

දිලංක ඉසුරු කුමාර - 225Kg


Images Source : Sameera Peiris

Sportspotography / Ceylon Sports / Ceylon Athletics

78 views0 comments