• Chathura Ramanayake

දිමුත් ටෙස්ට් ලකුණු හයදහස සම්පූර්ණ කරයි..



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගයේ දෙවන ඉනීමේදී ටෙස්ට් දිවියේ තවත් කඩයිමක් පසුකරන්නට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත් විය.


ඒ අනුව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 6000 සීමාව පසුකරන්නට දිමුත් කරුණාරත්නට අද දිනයේදී හැකිවිය. දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා දෙවන ඉනීමේදී ලකුණු 61ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 6000 සීමාව පසුකළ හයවන ක්‍රීඩකයා බවට පත් වන්නට දිමුත් කරුණාරත්නට හැකිවිය.


වර්තමානයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් ටෙස්ට් ලකුණු 6000 සීමාව ඉක්මවා ඇත්තේ ඇන්ජලෝ මැතිවුස් හා දිමුත් කරුණාරත්න පමණි. දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ ක්‍රීඩකයන් අතරද හයවැන්නා ලෙසින් රැදීසිටින අතර අරවින්ද සිල්වා අභිබවා යන්නට ඔහුට තවත් ලකුණු 338ක් අවශ්‍යව ඇත.


ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 6000 ඉක්මවූ ක්‍රීඩකයන්


කුමාර් සංගක්කාර - 12400

මහේල ජයවර්ධන - 11814

සනත් ජයසූරිය - 6973

ඇන්ජලෝ මැතිවුස් - 6953

අරවින්ද සිල්වා - 6361

දිමුත් කරුණාරත්න - 6023

796 views0 comments