• Chathura Ramanayake

දුනිත් හා මහීෂ්ට ටෙස්ට් වරම් හිමිවන ලකුණු.



ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයයේදී දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් වරම් හිමිකරගැනීමට නියමිත බවට වාර්තා වෙයි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය එළඹෙන සිකුරාදා දිනයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා වලට අනුව මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ හා ලක්ෂිත මානසිංහ යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැදවා ඇත. ප්‍රවීන් ජයවික්‍රම හා ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයන් වෙනුවට ඉහත ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැදවා ඇත. ප්‍රවීන් ජයවික්‍රම කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වද්දී ලසිත් ඇඹුල්දෙණිය පසුගිය ඉරිදා සංචිතයෙන් ඉවත් විය.

0 views0 comments