• Chathura Ramanayake

දුනිත් ටෙස්ට් වරම් ලබද්දී පාකිස්තානයට තවත් දගපන්දු යවන්නෙක් !!!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය හෙට ගාල්ලේදී ආරම්භ වීමට නියමිතය. දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේහට ටෙස්ට් වරම් හිමිවීමට නියමිතය. ආබාධයකට ලක්ව ටෙස්ට් සංචිතයෙන් ඉවත් වූ මහීෂ් තීක්ෂණ වෙනුවට දුනිත් වෙල්ලාලගේ හෙට දිනයේදී ටෙස්ට් වරම් දිනා ගනු ඇත.


ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 162වන ටෙස්ට් හිස්වැසුමෙහි උරුමකරුවා බවට දුනිත් වෙල්ලාලගේ පත්වනු ඇත. වමතින් දගපන්දු යවන දුනිත් වෙල්ලාලගේ පිතිකරුවෙකු ලෙසින්ද දස්කම් පෑ ක්‍රීඩකයෙකි. 19 වැනි වියෙහි පසුවන දුනිත් වෙල්ලාලගේ පළමු පෙළ තරග 11කට ක්‍රීඩා කොට ඇත. එම තරග 11 තුළදී ලකුණු 362ක් රැස්කොට ඇති දුනිත් කඩුලු 34ක්ද බිදහෙලන්නට සමත් වී ඇත.


මේ අතර පාකිස්තාන කණ්ඩායමද හෙට තරගය වෙනුවෙන් වෙනස්කමක් සමගින් එක් වීමට නියමිතය. ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්‍රිඩි වෙනුවට පා දගපන්දු යවන ක්‍රීඩක නෞමන් අලී හෙට දිනයේදී පාකිස්තාන කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය.

106 views0 comments