• Shaminda Jayarathne

දිනකට පස් වතාවක් නිදාගන්නා සුපිරි පාපන්දු ක්‍රීඩකයා

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු වර්තමානයේදී පාපන්දු පිටිය තුළ බිහිවූ එක් විශිෂ්ට ක්‍රීඩකයෙක්. වරෙක ඔහු තමන්ගේ ශරීර සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා ලබා ගන්නා ප්‍රධාන ආහාර වේල් මෙන්ම කෙටි ආහාර වේල් සම්බන්ධයෙන් ද අදහස් දක්වා තිබුණා. මීට අමතරව රොනාල්ඩෝ තමන් දිනකට ප්‍රධාන නින්දට අමතරව කෙටි නින්දවල් 5ක් පමණ ලබාගන්නා බවත් සඳහන් කළා.


එහිදී ශරීර සෞඛ්‍ය තත්ත්වය නිසි පරිදි පවත්වා ගැනීමටත්, ක්‍රීඩා කිරීමේදී අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය මැනවින් පවත්වා ගැනීමටත් මේ නින්දවල් බෙහෙවින් උපකාරී වන අයුරු ඔහු පැහැදිලි කළා.


සාමාන්‍යයෙන් තරඟ දිනවලදී සහ විශේෂ පුහුණුවීම් දින හැරුණ විටදී පැය බාගයේ පැයේ වැනි කෙටි නින්දවල් පහක් තමන්ගේ දෛනික චර්යාවන් සඳහා ඇතුළත් කරගෙන ඇති බවද ඉන් තම ශාරීරික යෝග්‍යතාවය මැනවින් පවත්වා ගැනීමට හැකි වී ඇති බවටද රොනාල්ඩෝ වැඩිදුරටත් පවසා සිටියා.

38 views0 comments