• Chathura Ramanayake

දික්වැල්ලත් ෆ්‍රැන්චයිස් ලීග් කණ්ඩායමකට !!



ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එළඹෙන කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට තෝරාගෙන ඇත. ඒ ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමටයි.


මින් පෙර කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ හා සීක්කුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයන් කණ්ඩායම් වෙනුවෙන් තෝරා ගැනුණි.


නමුත් වනිදු හසරංග හා මහීෂ් තීක්ෂණ මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකරනු ඇතැයි වාර්තා වෙයි. ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සූදානම් වීමට අවශ්‍ය බැවින් ඔවුන් දෙදෙනා කැරීබියන් ලීගයට සහභාගී නොවනු ඇතැයි ක්‍රීඩා ආරංචිමාර්ග සදහන් කරයි.


කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දසවැනි අදියර එළඹෙන අගෝස්තු මස 31වනදා ආරම්භ වීමට නියමිත අතර දින 31ක් පුරාවට මෙවර තරගාවලිය පැවැත්වෙනු ඇත.

120 views0 comments