• Shaminda Jayarathne

දහස් ගණනින් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ ඩිබාලා රෝමයට!

ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක පවුලෝ ඩිබලා පසුගියදා ඉතාලියේ යුවෙන්ටස් ක්‍රීඩා සමාජයෙන් නික්මී ඉතාලියේම රෝමා ක්‍රීඩා සමාජය සමගින් ගිවිසුම් ගත වුණා. ඔහුව පිළිගැනීම සඳහා ඊයේ දින අතිශය විශාල ජනකායක් රෝම නගර මධ්‍යට පැමිණ සිටි ආකාරය විචිත්‍රවත් දර්ශනයක් බවට පත්ව තිබුණා.


මීට ප්‍රථමව යුවෙන්ටස් සමගින් ක්‍රීඩා කළ ඩිබාලා ඔවුන් වෙනුවෙන් තරඟ 293 කදී රැස් කරගත් ගෝල සංඛ්‍යාව 115ක්. ඩිබාලා නව රෝමා ක්‍රීඩා සමාජය සමග එක්වීමත් සමගම ඔහුගේ නම සහ අංකය මුද්‍රිත ටී ශර්ට් අලවියෙන් නව වාර්තාවක්ද නිර්මාණය වුණා. ඒ පැය 24ක් ඇතුළත ඉතාලි පළමු පෙළ ලීගය තුළ වැඩිම ටී ශර්ට් ගණනක් අලෙවි වූ ක්‍රීඩකයා වශයෙන් වූ වාර්තාවයි. මීට ප්‍රථම 2018 වසරේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් තැබූ ටී ශර්ට් අලෙවි වාර්තාව මෙලෙස බිඳ වැටීමද විශේෂත්වයක්.

0 views0 comments