• Shahan Fernando

දසුන් ශානක විසින් තිසර පෙරේරා සතුවූ ශ්‍රී ලංකා වාර්තාවක් බිඳහෙළයි.


ශ්‍රී ලංකාවත් පාකිස්ථානයත් අතර ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරඟය ඊයේ දිනයේදී අවසන් වුණේ ශ්‍රී ලංකාවට ජය හිමිකරදෙමින්.


ලකුණු 121ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 කදී කඩුලු පහක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගැනීමට සමත් වුණා. එම හඹායාමේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ද හඹායාමට දායකත්වය දැක්වූයේ පන්දු 16ක් තුළ ලකුණු 21ක් වාර්තා කරමින්.


දසුන් සිය ඉණිම දියත්කිරිමේදි හයේ පහර දෙකක් වාර්ථා කළ අතර එම හයේ පහර දෙකත් සමඟින් දසුන් එතෙක් තිසර පෙරේරා සතූවු වාර්තාවක් බිඳහෙලීමට සමත්වුණා.



ඒ වාර්තාව වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ තුළදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා වීමේ වාර්ථාවයි. එතෙක් එම වාර්තාව සතු වූයේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 80ක් තුළදී හයේ පහර 53ක් එල්ල කරතිබු තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සතුවයි.


ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 73කට ක්‍රීඩා කර ඇති දසුන් ශානක ඊයේ දිනයේදී එල්ල කළ හයේ පහර දෙකත් සමඟින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සමස්ථ හයේ පහර 54ක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ තුළදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා වීමේ වාර්තාව දසුන් ශානක සතුවුණා.


ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ජාත්‍යන්තර හයේ පහර එල්ල කළ ඇති ක්‍රීඩකයින්.


1. දසුන් ශානක - හයේ පහර 54

2. තිසර පෙරේරා - හයේ පහර 53

3. කුසල් ජනිත් පෙරේරා - හයේ පහර 51

4. ඇන්ජෙලෝ මැතිව්ස් - හයේ පහර 38

5. කුසල් මෙන්ඩිස් - හයේ පහර 36

1,258 views0 comments