• Shahan Fernando

දසුන් ශානක අබු ඩාබි T10 ලීගයේ ICON ක්‍රීඩකයෙක් ලෙස තෝරාගැනේ.


ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දසුන් ශානක මෙවර අබුඩාබි T10 ලීගයේ Chennai Braves කණ්ඩායමේ ICON Player ලෙස නම්කර තිබෙනවා. දසුන් මින්පෙර වසරකදී ද එම කණ්ඩායම නියෝජනය කළ අතර භානුක රාජපක්ෂ සහ ධනංජය ලක්ෂාන් ද එම කණ්ඩායමට ක්‍රීඩා කළා.


ඒ අනුව මේ වසරේ නොවැම්බර් මාසයේ දී විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව පැවැත්වීමට නියමිත තරඟාවලියට දසුන් ශානක ද ක්‍රීඩා කරනු ඇති. සාමාන්‍යයෙන් මෙම තරඟාවලියේ ICON Players ලෙස නම් කරන ක්‍රීඩකයින් ඒ ඒ කණ්ඩායම් වල වැඩිම ගෙවීමක් සිදුකරන ඉහළම වටිනාකමකින් යුතු ක්‍රීඩකයින් ලෙසයි සැලකෙන්නේ.



ගෙවුණු විස්සයි විස්ස තරඟ කිහිපයේදී දසුන් සුවිශේෂී දක්ශතා අතරට පැමිණීම මෙම තීරණයට බොහෝවිට හේතු වන්නට ඇති.


තරඟාවලිය කණ්ඩායම් 6කින් සමන්විත තරඟාවලියක් ලෙස පසුගිය වසරේ පැවති අතර පසුගිය වසරේ දී එම තරඟාවලියේ ශූරතාවය දිනාගත්තේ වනිදු හසරංග ක්‍රීඩා කළ Deccan Gladiators කණ්ඩායමයි.


වනිදූ එම වසරේදී තරඟාවලියේ වීරයා ලෙසට සම්මානයට පාත්‍ර වූ අතර වනිදුට අමතරව භානුක රාජපක්ෂ, මතිෂ පතිරණ, මහිෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන් වැනි ක්‍රීඩකයින් ද මෙම තරඟාවලිය නියෝජනය කර තිබෙනවා.

2,538 views0 comments