• Chathura Ramanayake

දසුන්ලාගේ අඩිපාරේ යමින් ආසියාව ජයගන්නට සැරසෙන කාන්තා කණ්ඩායම චමරි යටතට.


අටවන වරටත් පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. චමරි අතපත්තු පෙරටුකොටගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ය.


මෙවර තරගාවලියට කණ්ඩායම් 7ක් ක්‍රීඩා කරයි. එම කණ්ඩායම් වනුයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, මැලේසියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. මෙවර තරගාවලිය ඔක්තෝබර් මස 1 සිට 16 වනදා තෙක් බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතය.



කාන්තා ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩි ගෞරව හිමිකොටගෙන ඇති ඉන්දීය කණ්ඩායම අවස්ථාවන් හයකදී ශූරතාවය දිනාගෙන ඇති අතර අවසන් වරට පැවති තරගාවලියේ ශූරතාවය හිමිකරගැනීමට බංග්ලාදේශය සමත් විය. ශ්‍රී ලංකාව පළමු ආසියානු කුසලාන තරගාවලි හතරේදීම අනුශූරියන් බවට පත්විය.


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම


චමරි අතපත්තු

හසිනි පෙරේරා

හර්ෂිතා සමරවික්‍රම

කවීෂා දිල්හාරි

නිලක්ෂි ද සිල්වා

අනූෂා සංජීවනී

ඕෂධී රණසිංහ

මල්ෂා ශෙහානි

මධුෂිකා මෙත්තානන්ද

ඉනෝකා රණවීර

රශ්මි සිල්වා

සුගන්දිකා කුමාරි

අචිනි කුලසූරිය

තාරිකා සෙව්වන්දි




702 views0 comments