• Chathura Ramanayake

දසුන් ඇතුළු ක්‍රීඩකයන් ඩුබායි කැපිටල්ස් පිළේ ශ්‍රී ලංකා ආධිපත්‍යය පතුරවයි !!



එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් හදුන්වා දෙන නවතම විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ජනවාරි මසදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය සදහා කණ්ඩායම් හයක් තරග වදින අතර මුම්බායි එමිරේට්ස් කණ්ඩායම හා අබුඩාබි නයිට්‍රයිඩර්ස් හා ගල්ෆ් ජයන්ට්ස කණ්ඩායම් විසින් සිය විදෙස් ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කෙරිණි.


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් හිමිකරුවන් සතු කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් ලීගයේද ක්‍රීඩා කිරීමට නියමිත. ඩුබායි කැපිටල්ස් නමින් හැඳින්වෙන එම කණ්ඩායමද සිය විදෙස් ක්‍රීඩකයන් 14 දෙනාගේ ලයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. මෙම ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස්දෙනෙකු ඇතුළත්ය.


එම ක්‍රීඩකයන් වනුයේ දසුන් ශානක, දුෂ්මන්ත චමීර, භානුක රාජපක්ෂ, නිරෝෂන් දික්වැල්ල හා ඉසුරු උදානයි. මීට අමතරව එම කණ්ඩායමට ශිකන්ධර් රාසා, හස්‍රටුල්ලා සසායි,මුජීබර් රහ්මාන්, ෆේබියන් ඇලන්, රෝමාන් පවෙල් යන ප්‍රභල ක්‍රීඩකයන් ඇතුළත්ය.


ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන්

දසුන් ශානක

දුෂ්මන්ත චමීර

නිරෝෂන් දික්වැල්ල

භානුක රාජපක්ෂ

ඉසුරු උදාන

ශිකන්ධර් රාසා

ෆේබියන් ඇලන්

රෝමාන් පවෙල්

මුජීබර් රහ්මාන්

හස්‍රටුල්ලා සසායි

බ්ලෙසින් මුසරබානී

ෆ්‍රෙඩ් ක්ලාසන්

ඩෑන් ලෝරන්ස්

ජෝජ් මුන්සේ

673 views0 comments