• Shahan Fernando

දඟ පන්දු යවන්නෙකු නිපන්දු යවන එක "අපරාධයක්" - ශකීබ් අල් හසන්.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති ආසියානු කුසලාන මූලික වටයේ තරඟය උද්වේගකර තරඟයක් බවට පත්වුණා. තරඟයට පෙර කණ්ඩායම් අතර සිදුවූ උණුසුම් අදහස් හුවමාරු වීම් මේ සඳහා හේතු වුණා.



Image Source - InsideSports. IN


කෙසේ නමුත් පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම ලබාදුන් ලකුණු 184ක ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව හඹාගිය අතර බංගලාදේශ පන්දු යවන්නන් අතින් සිදුවූ අත්වැරදීම් ගණනාවක් හේතුවෙන් ඔවුන්ට හඹායාම තරමක් පහසු වුණා.


තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දැක්වූ බංගලාදේශ නායක ශාකිබ් අල් හසන් පවසා සිටියේ දඟ පන්දු යවන්නෙකු නිපන්දු යොමු කිරීම අපරාධයක් ලෙස සැලකිය හැකි බවයි.

"නායකයෙක් කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ පන්දු යවන්නන් නිපන්දු යොමු කරයි කියලා. දඟ පන්දු යවන්නෙකු නිපන්දු යොමු කරනවා කියන්නේ අපරාධයක් හා සමානයි.
" අපි සෑහෙන්න නිපන්දු සහ වයිඩ් පන්දු යොමුකළා. අපි දැනගෙන හිටියා කුසල් මෙන්ඩිස් දඟ පන්දු යවන්නන්ට හොදින් පන්දුවට පහර දෙනවා කියලා. අපි ඔහුව මුලින්ම දවාගත්තා නන් දඟ පන්දු යවන්නන්ට සෙසු පිතිකරුවන්ට එරෙහිව හොඳින් පන්දු යවන්න තිබුණා."
"අද දවසේ ඔප්පු වුණා අපි අධික පීඩනය හමුවේ බිඳ වැටෙනවා කියලා. අපි කණ්ඩායමක් විදිහට හැඟීම්බර වැඩී. ඒ නිසා පීඩනය අධික අවස්ථාවල දී අපෙන් තරඟ ගිලිහෙනවා."
"අපි හදවතට නැතුව ඔළුවට මුල්තැන දීලා ක්‍රීඩා කරන්න ඕනේ. ඒක අපි වැඩි දියුණු කරගතයුතු දෙයක්."

යනුවෙන් ෂාකිබ් අල් හසන් අදහස් පළකළා.

1,162 views0 comments