• Chathura Ramanayake

දඟ පන්දු යවන්නන්ට එරෙහිව අඩුම ප්‍රහාරාත්මක වේගය ශ්‍රී ලංකාවෙන්.



ආසියානු පිතිකරුවන් දගපන්දු යවන්නන්ට ඉතා හොදින් ක්‍රීඩා කරන බව අතීතයේ සිටම තහවුරු වී ඇත. නමුත් විස්සයි විස්ස පිටියේ අවසන් කාල සීමාවට අදාල ක්‍රිකට් දත්තයන් පවසන්නේ ඊට වෙනස් කතාවකි. අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ආසියාතික කණ්ඩායම් වඩාත් හොදින් මුහුණ දුන්නේ දගපන්දු යවන්නටද ? නැතිනම් වේගපන්දු යවන්නන්ටද ?


2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිය මේ දක්වා කාල සීමාව තුළදී ප්‍රමුඛතම ආසියාතික කණ්ඩායම් පහ දගපන්දු යවන්නන්ට සාපේක්ෂව වේගපන්දු යවන්නන්ට එරෙහිව වේගවත් පිතිහරඹයක් දියත් කොට ඇත. නමුත් දකුණු අප්‍රිකාව, එංගලන්තය හා ඕස්ට්‍රේලියාව වැනි වේගපන්දු යවන්නන්ට හිතකර තත්ව යටතේ පුහුණුවීම් කරන රටවල් වේගපන්දු යවන්නන් හා දගපන්දු යවන්නන්ට එරෙහිව රදවාගෙන ඇති ප්‍රහාරාත්මක වේගය ආසන්නව සමාන අගයක් ගනී.


ආසියානු රටවල් අතරිනුත් දගපන්දු යවන්නන්ට එරෙහිව විස්සයි විස්ස පිටියේදී අඩුම ප්‍රහාරාත්මක වේගයක් රදවාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව පසුගිය ලෝක කුසලානයේ සිට මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග වලදී දගපන්දු යවන්නන්ට එරෙහිව 103.58ක ප්‍රහාරාත්මක වේගයක් රදවාගෙන ඇති අතර වේගපන්දු යවන්නන්ට එරෙහිව 120.66ක ප්‍රහාරාත්මක වේගයක් රදවා ගෙන ඇත.


ඉන්දීය කණ්ඩායම මෙම කාල සීමාව තුළදී වේගපන්දු යවන්නන්ට එරෙහිව 144.92ක ප්‍රහාරාත්මක වේගයක්ද, දගපන්දු යවන්නන්ට එරෙහිව 135.97ක වේගයක්ද රදවාගෙන ඇත. පාකිස්තානය වේගපන්දු යවන්නන්ට වේගවත් ප්‍රහාරයන් එල්ල කොට ඇත්තේ 141.71ක ප්‍රහාරාත්මක වේගයක් රදවාගනිමිනි. නමුත් ඔවුන් දගපන්දුව හමුවේ රදවාගන්නේ 112.41ක ප්‍රහාරාත්මක වේගයකි


ප්‍රභල දගපන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් පුහුණුවීම් සිදුකරන ඇෆ්ගනිස්තානය දගපන්දු යවන්නන්ට එරෙහිව රදවාගෙන ඇත්තේ 104.32ක ප්‍රහාරාත්මක වේගයකි. නමුත් ඔවුන් වේගපන්දු යවන්නන්ට එරෙහිව 131.71ක ප්‍රහාරාත්මක වේගයක් රදවාගෙන තිබේ. බංග්ලාදේශය වේගපන්දුවට 117.58ක හා දගපන්දුවට 107.14ක වේගයක් රදවාගෙන පිතිකරණයේ නියැලී ඇත. ඉහත දත්ත අනුව පෙනී යන්නේ අවසන් වසරකට ආසන්න කාල සීමාව තුළ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේදී ආසියානු කණ්ඩායම් වේගපන්දුවට සාපේක්ෂව දගපන්දුවට එරෙහිව එතරම් වේගවත් පිතිහරඹයක නිරත වී නොමැති බවයි


විස්සයි විස්ස ලෝක කුසලානයේ සිට කණ්ඩායම් වේගපන්දු හා දගපන්දු යවන්නන්ට එරෙහිව රදවාගෙන ඇති ප්‍රහාරාත්මක වේගයන් පහත දැක්වේ


වේගපන්දු යවන්නන්ට

එංගලන්තය - 135.36

ඕස්ට්‍රේලියාව - 128.48

දකුණු අප්‍රිකාව - 143.17

ශ්‍රී ලංකාව - 120.66

ඉන්දියාව - 144.92

බංග්ලාදේශය - 117.58

පාකිස්තානය - 141.71

ඇෆ්ගනිස්තානය - 131.71


දගපන්දු යවන්නන්ට

එංගලන්තය - 134.15

ඕස්ට්‍රේලියාව - 131.04

දකුණු අප්‍රිකාව - 142.16

ශ්‍රී ලංකාව - 103.58

ඉන්දියාව - 135.97

බංග්ලාදේශය - 107.14

පාකිස්තානය - 112.41

ඇෆ්ගනිස්තානය - 104.32


36 views0 comments