• Chathura Ramanayake

දක්ෂතා අතර පැමිණ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වෙනවා - දසුන් ශානක

හයවන වරටත් ආසියානු කුසලාණය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී මෙරටට පැමිණියේ උණුසුම් පිළිගැනීම් මධ්‍යයේය. යොවුන් ක්‍රීඩකයන් රැසක් සමගින් එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ජයග්‍රහණය කරා මෙහෙයවූ දසුන් ශානක, මෙරටට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.


ලංකාවෙන් යනකොට ගොඩක් බලාපොරොත්තු තිබ්බෙ නෑ කණ්ඩායමෙන් පිටත කට්ටියට. නමුත් කණ්ඩායමේ බලාපොරොත්තුවක් තිබ්බා අවසන් තරගයක් ක්‍රීඩා කරන්න. මොකද හැමෝටම හොද දක්ෂතාවයන් තියෙනවා. හොද පරි පූර්ණ කණ්ඩායමක් ඉන්නවා. එකෙ එක්කෙනාගෙන් එක්කෙනාට විවිධ දක්ෂතා තියෙන්නෙ. ඒ සමබරතාව අපිට තිබ්බා
අපි පළවෙනි තරගය පරාජයට පත් වුණාගෙන් පස්සෙ ගොඩක් පස්සට ගියා. අපි කණ්ඩායමක් විදියට පසුගිය කාලෙම හොදට තැලිල පොඩි වෙලා හිටියේ. එහෙම උනාම ඒගොල්ලන්ගෙ දක්ෂතා එලියට ගන්න ක්‍රීඩකයො විදියට අපි මහන්සි වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි අපේ දක්ෂතා ඔක්කොම එලියට ආවේ.
මම හිතනවා මේක සුභ ලකුණක් කියල අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට. සතියක පමණ විවේකයකින් පස්සෙ අපි නුවර කෑම්ප් එකකට යනවා. නුවර තණතීරු ගොඩක් වේගපන්දු යවන්නට උපකාරී වෙනවා. ඕස්ට්‍රේලියාවට යන්න කලින් අපි ඒ තත්වයන් යටතේ සූදානම් වෙලා යන්නෙ. කණ්ඩායමක් විදියට හොද මානසික මට්ටමක ඉන්නවා. දක්ෂතා අතරට ඇවිල්ලා ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කණ්ඩායමක් විදියට

103 views0 comments