• Shahan Fernando

දකුණු අප්‍රිකා T20 ලීගයේ ප්‍රභල කණ්ඩායමකින් කුසල් මෙන්ඩිස්ව මිලියන ගණනකට මිලදී ගනී.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විස්සයි විස්ස ලීග් පිටියට හදුන්වා දෙන SA20 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේදී සාර්ථකව පැවැත්වීණි. එම ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව ඇමරිකානු ඩොලර් 26,000ක මුදලකට ප්‍රිටෝරිය කැපිටල්ස් කණ්ඩායම විසින් මිළදී ගනු ලැබීය.



ප්‍රිටෝරිය කැපිටල්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනුයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනි. කුසල් මෙන්ඩිස් නියෝජනය කරන ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායම ඉතා සමබර ආකාරයෙන් තෝරාගෙන ඇත.


කණ්ඩායමට ඇතුළත් විදෙස් ක්‍රීඩකයන් අතරට කුසල් මෙන්ඩිස්, අඩිල් රශීඩ්, ජිමී නීෂම්, ජෝෂ් ලිට්ල්, පිල් සෝල්ට් යන ක්‍රීඩකයන් ඇතුළත්ය. ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායමේ දේශීය ක්‍රීඩකයන් ලෙසින් රිලී රුසොව්, කැමරන් ඩෙල්පෝට්, වේන් පානෙල්, ඇන්‍රිච් නෝකියා යන ක්‍රීඩකයන් ඇතුළත්ය.


ප්‍රිටෝරිය කැපිටල්ස් කණ්ඩායමේ සංචිතය


පිතිකරුවන්

රිලී රුසොව්

කැමරන් ඩෙල්පෝට්

විල් ජැක්ස්

තෙයුනිස් ඩි බ්‍රයන්

මාර්කෝ හැරිස්


කඩුලු රකින පිතිකරුවන්

පිල් සෝල්ට්

කුසල් මෙන්ඩිස්


තුන් ඉරියව් ක්‍රීඩකයන්

වේන් පානෙල්

ජිමී නීෂම්

ශේන් ඩෑඩ්ස්වෙල්

ඒතන් බොස්ච්


පන්දු යවන්නන්

ඇන්‍රිච් නෝකියා

මිගෙල් ප්‍රිටෝරියස්

අඩිල් රශීඩ්

ජෝෂ් ලිට්ල්

ෂෝන් වොන් බර්ග්

ඩැරන් ඩුපැවිලන්

177 views0 comments