
Chathura Ramanayake
දකුණු අප්‍රිකාවට Mini IPL තරගාවලියක් !!

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය එළඹෙන වසරේදී නව ක්‍රිකට් ලීගයක් හදුන්වා දුනි.. ඒ අනුව CSA T20 League නමින් හැඳින්වෙන මෙම තරගාවලිය එළඹෙන වසරේ ජනවාරි මසදී පැවැත්වීමට නියමිතය. මෙම නව විස්සයි විස්ස ලීග් තරගාවලියට කණ්ඩායම් 6ක් ඇතුළත් කොට ඇත. මෙම කණ්ඩායම් වනුයේ Capetown, Durban, Port Elizabeth, Johannesburg, Paarl හා Pretoria යි.
මෙම කණ්ඩායම් හයෙහි හිමිකරුවන් අද දිනයේදී නිළ වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස්,චෙන්නායි සුපර් කිංග්ස් , දිල්ලි කැපිටල්ස් , සන්රයිසස් හයිද්‍රාබාද් , රාජස්ථාන් රෝයල් හා ලක්නව් සුපර් ජයන්ට්ස් හිමිකරුවන් විසින් දකුණු අප්‍රිකානු ලීගයේ කණ්ඩායම මිළදී ගෙන ඇත.
කණ්ඩායම් හිමිකරුවන් ලයිස්තුව පහත පරිදිය.
Capetown - Owners MI
Durban - Owners LSG
Port Elizabeth - Owners SRH
Johannesburg - Owners CSK
Paarl - Owners RR
Pretoria - JSW, Co-owner of
කණ්ඩායම් හිමිකරුවන් තේරීම් ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් ග්‍රේම් ස්මිත් මෙසේ පැවසීය.
" 2023 ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වෙන දකුණු අප්‍රිකානු ලීගයට අපගේ නව ෆ්‍රැන්චයිස් හිමිකරුවන් සාදරයෙන් පිළිගන්නවා. මෙය සැබවින්ම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට උද්යෝගිමත් කාලයකි. අවසාන හිමිකරුවන් හය දෙනා තෝරා ගැනීම සඳහා සාර්ථක ලංසු තැබීමේ ක්‍රියාවලියක් අනුගමනය කරන ලද අතර, ක්‍රියාවලියේ උපරිම වෘත්තීයභාවය, ස්වාධීනත්වය සහතික කිරීම සඳහා විවිධ නිර්ණායක මත පදනම්ව ලකුණු ලබාදුන්නා. අපි දැනටමත් ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩකයින් ගණනාවක් සමගින් ගිවිසුම් ගත වෙලා තියෙන්නෙ. ඔවුන් පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා."