• Chathura Ramanayake

දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයිනුත් එක්වන ලකුණු..




දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දෙන නව T20 ලීගය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් 25කට වඩා ලියාපදිංචි වී ඇති අතර තරගාවලිය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දසදෙනෙකු බැගින් නව විස්සයි20 ලීගයට ක්‍රීඩා කරනු ඇතැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් පමණක් නොව එංගලන්තයේ ක්‍රීඩකයින් 12 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක්ද තරගාවලිය වෙනුවෙන් එක්වීමට නියමිතය.


ජෝස් බට්ලර් , ලියම් ලිවින්ග්ස්ටන් , ඉයන් මෝගන්, ජේසන් රෝයි , සෑම් කරන් , අඩිල් රශීඩ් හා ටයිමල් මිල්ස් ඇතුළු ප්‍රමුඛ පෙළේ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම තරඟාවලියට සහභාගී වීමට නියමිතයි. තරඟාවලියට සහභාගී වීමට තීරණය කර ඇති තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වන්නේ ජේසන් හෝල්ඩර්, අල්සාරි ජෝසප්, ඕබෙඩ් මැකෝයි, දුෂ්මන්ත චමීර, මහේෂ් තීක්ෂණ, භානුක රාජපක්ෂ සහ හැරී ටෙක්ටර්ය. මෙම ක්‍රීඩකයන් මේ වන විටත් තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.


"මෙම නව ලීගය දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ රටෙහි සංවර්ධනය යන දෙකටම සැලකිය යුතු ආයෝජනයක් කරනු ඇතැයි සිතනවා. එමෙන්ම රට තුළට ධනාත්මක සමාජ-ආර්ථික සහ සංචාරක කේෂ්ත්‍රයන්හි වර්ධනයක් සිදු කරයි" යනුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරි ෆොලෙට්සි මොසෙකි ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙත පැවසීය.






0 views0 comments