• Chathura Ramanayake

දකුණු අප්‍රිකානු ලීගයේ ගිවිසුම්ගත වූ මොයීන් අලී ILT20 තරගාවලියේ කණ්ඩායමකටත් !!!



එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් හදුන්වා දෙන නවතම විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ජනවාරි මසදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය සදහා කණ්ඩායම් හයක් තරග වදින අතර මුම්බායි එමිරේට්ස්, අබුඩාබි නයිට්‍රයිඩර්ස්, ගල්ෆ් ජයන්ට්ස් හා ඩුබායි කැපිටල්ස් කණ්ඩායම් විසින් සිය විදෙස් ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කොට ඇත.


තරගාවලියට ඇතුළත්ය තවත් කණ්ඩායමක් වන සාජා වොරියස් කණ්ඩායම ද සිය විදෙස් ක්‍රීඩකයන් ලයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව එම ක්‍රීඩකයන් 14 අතුරින් වැඩි ක්‍රීඩකයන් ගණනක් ඇෆ්ගනිස්තාන හා එංගලන්ත ක්‍රීඩකයන් වීම සුවිශේෂීය. දකුණු අප්‍රිකානු ලීගයේ ජොහැන්ස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමගින් ගිවිසුම්ගත වූ මොයීන් අලී සාජා වොරියස් කණ්ඩායම සමගින්ද ගිවිසුම්ගත වී ඇත.


ඔහුට අමතරව ඩේවිඩ් මාලන්, ඊවන් ලෙවිස්,මොහොමඩ් නබි හා ක්‍රිස් වෝක්ස් යන ක්‍රීඩකයන් සාජා වොරියස් කණ්ඩායම සමගින් එක්වී ඇත. මෙම කණ්ඩායමට එංගලන්ත හා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් දසදෙනෙකු ඇතුළත්ව තිබීම සුවිශේෂීය. ඊට අමතරව කොදෙව් ක්‍රීඩකයන් දෙදෙනෙකු, ඕමාන ක්‍රීඩකයෙකු හා නැමීබියා ක්‍රීඩකයෙකු මෙම කණ්ඩායමට ඇතුළත්ය.


සාජා වොරියස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන්.

මොයීන් අලි

ඩේවිඩ් මාලන්

ක්‍රිස් වෝක්ස්

ඊවන් ලෙවිස්

මොහොමඩ් නබි

නූර් අහමඩ්

රහ්මනුල්ලා ගුර්බාස්

නවීන් උල් හක්

ටොම් කැඩ්මෝර්

ක්‍රිස් බෙන්ජමින්

ඩැනී බ්‍රිග්ස්

මාක් ඩෙයාල්

බිලාල් ඛාන්

ජොනැතන් සිමිට්

31 views0 comments