• Chathura Ramanayake

දකුණු අප්‍රිකානු ලීගයට අත්සන් තබන ප්‍රමුඛ ක්‍රීඩකයන් අතරට ලංකාවෙන් 10ක් !!!



දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් හදුන්වා දුන් නව විස්සයි විස්ස ලීග් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 10 දෙනෙකුද ගිවිසුම් අත්සන් කොට ඇතැයි ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත. ඊයේ දිනයේදී දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට සිටියේ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 30කට වැඩි ගණනක් ගිවිසුම් අත්සන් කොට ඇති බවටයි.


ගිවිසුම් ගත විදෙස් ක්‍රීඩකයන් අතරට එංගලන්ත ක්‍රීඩකයන් 11දෙනෙකු ඇතුළත්ය. එම ක්‍රීඩකයන් අතරට හිටපු එංගලන්ත නායක ඉයන් මෝගන්, ජේසන් රෝයි, මොයීන් අලි, ජෝස් බට්ලර් වැනි ක්‍රීඩකයන් ඇතුළත් ය. එම ක්‍රීඩකයන් අතුරින් ජෝස් බට්ලර් හා ලියම් ලිවින්ග්ස්ටන් යන ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් පමණද මොයීන් අලිට ඇමරිකානු ඩොලර් ලක්ෂ 4ක ගිවිසුමක්ද හිමිවීමට නියමිත බවද ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත.


තරගාවලිය වෙනුවෙන් දෙවන වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් ගිවිසුම් ගතව ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දසදෙනෙකු පමණ නව දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීගය වෙනුවෙන් ගිවිසුම් ගත වී ඇති බව සදහන්ය. ඒ අතරට නිරෝෂන් දික්වැල්ල, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර ඇතුළු ක්‍රීඩකයන් ඇතුළත්ය. මේ අතර තරගාවලිය වෙනුවෙන් කිසිදු පාකිස්තාන ක්‍රීඩකයෙකු ඇතුළත් වී නොමැති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් හිමිකරුවන් විසින් කණ්ඩායම් මිළදී ගැනීම ඊට හේතු වී ඇත.


තරගාවලියට ගිවිසුම් ගත ක්‍රීඩකයන්

මහීෂ් තීක්ෂණ ,

මතීෂ පතිරණ ,

නිරෝෂන් දික්වැල්ල ,

සීක්කුගේ ප්‍රසන්න ,

දුෂ්මන්ත චමීර

චාමික කරුණාරත්න ,

නුවන් ප්‍රදීප් ,

අකිල ධනංජය ,

ධනංජය ලක්ෂාන්,

විශ්ව ප්‍රනාන්දු ,

ෆැෆ් ඩුප්ලෙසිස් ,

රිලී රුසොව් ,

කාගිසෝ රබාඩා ,

ක්වින්ටන් ඩි කොක් ,

ඩේවිඩ් මිලර් ,

ඒඩ්න් මක්‍රම්,

ඔබේ මැකෝයි ,

අල්සාරී ජෝසප් ,

කයිල් මේයර්ස් ,

රෝමාරියෝ ෂෙපර්ඩ් ,

ජේඩ්න් සීල්ස් ,

ජේසන් හෝල්ඩර් ,

ඉයන් මෝගන්,

විල් ජැක්ස්,

හැරී බෲක්,

සෑම් කරන්,

ලියම් ලිවින්ග්ස්ටන්,

ජෝස් බට්ලර්,

ටයිමල් මිල්ස්,

ජේසන් රෝයි,

රීස් ටොප්ලී ,

පිල් සෝල්ට් ,

මොයීන් අලි,

හැරී ටෙක්ටර් ,

ජිමී නීෂම්

1,462 views0 comments