• Chathura Ramanayake

දකුණු අප්‍රිකානු ප්‍රබල වේගපන්දු යවන්නෙකුට එංගලන්ත තරගාවලිය අහිමි වෙයි !!!



දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඩුවාන් ඔලිවියර්ට එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය අහිමිව ඇත. ඒ අනුව එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වේගපන්දු යවන්නාට අහිමි වනු ඇත. එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමගින් පැවති පුහුණු තරගය අතරතුරදී ඔලිවියර් මස්පිඩු ආබාධයකට ලක්විය.


දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා වළලුකර ආබාධය සුවවී සිටින හෙයින් ඔහුව කණ්ඩායමට එක් කොට ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කොට ඇත. එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් නම් කළ දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයෙහි වේගපන්දු යවන්නන් ලෙසින් ලුන්ගි න්ගිඩි, ඇන්‍රිච් නෝකියා, මාර්කෝ ජන්සෙන්, ලූතෝ සිපම්ලා හා ග්ලෙන්ටන් ස්ටූමන් යන ක්‍රීඩකයන් කටයුතු කරනු ඇත.


එංගලන්ත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ දකුණු අප්‍රිකානු සංචිතය මෙහෙයවීමේ වගකීම ඩීන් එල්ගර්ට පැවරී ඇත. තරගාවලිය වෙනුවෙන් නම් කෙරුණු සෙසු ක්‍රීඩකයන් අතරට ඒඩ්න් මක්‍රම්, රසී වැන් ඩර් ඩුසේන්, කේෂව් මහරාජ්, කීගන් පීටර්සන් යන ක්‍රීඩකයන් ඇතුළත්ය. දෙරට අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන අගෝස්තු මස 17වනදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.


දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය


ඩීන් එල්ගර් (නායක), සරෙල් අර්වී, මාර්කෝ ජන්සෙන්, සිමන් හාමර්, කේෂව් මහරාජ්, ඒඩ්න් මක්‍රම්, ලුන්ගි න්ගිඩි, ඇන්‍රිච් නෝකියා, කීගන් පීටර්සන්, කාගිසෝ රබාඩා, රයන් රිකෙල්ටන්, ලූතෝ සිපම්ලා, රසී වැන්ඩර් ඩුසේන්, කයිල් වැරේන්, ක්‍යා සොන්ඩෝ, ග්ලෙන්ටන් ස්ටූමර්

47 views0 comments