• Chathura Ramanayake

දකුණු අප්‍රිකානු ක්‍රිකට් සම්මාන හිමි විශිෂ්ඨයන් !!



දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් 2022 වසරේ ක්‍රිකට් සම්මාන හිමි ක්‍රීඩකයන් පසුගියදා නිවේදනය කළහ. ඒ අනුව 2022 වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින් නම් කොට තිබුණේ වේගපන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩායි. වසරේ එක්දින ක්‍රීඩකයා ලෙසින් ජනෙමන් මාලන් නිර්දේශ වද්දී වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙසින් ඒඩ්න් මක්‍රම් නම් කොට ඇත.


දකුණු අප්‍රිකානු වසරේ ක්‍රීඩකයා ලෙසින් කේෂව් මහරාජ් නිර්දේශ විය. තවද වසරේ ප්‍රේක්ෂකයන්ගේ ක්‍රීඩකයා ලෙසින් ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර් නම් කොට ඇත. වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙසින් මාර්කෝ ජන්සෙන් ද වසරේ යොවුන් ක්‍රීඩකයා ලෙසින් ඩෙවල්ඩ් බ්‍රෙවිස් ද නම් කෙරිණි.


වසරේ හොදම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයට අයාබොන්ගා කාකාට නම් වද්දී ලෝරා වොල්වර්ට් විසින් වසරේ එක්දින ක්‍රීඩිකාව සදහා වන සම්මානයට නම් කොට ඇත. මෙම වසරේදී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමු දුන් ලෙස්ලී ලී වසරේ විස්සයි විස්ස ක්‍රීඩිකාව ලෙසින් නිර්දේශ කොට ඇත. එමෙන්ම 2021/22 තරගවාරයේදී දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ද දකුණු අප්‍රිකානු ක්‍රිකට් සම්මාන වෙනුවෙන් නිර්දේශ කොට ඇත.


දකුණු අප්‍රිකානු ක්‍රිකට් සම්මාන හිමි ක්‍රීඩකයන්

වසරේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව

කේෂව් මහරාජ්

අයාබොන්ගා කාකා


වසරේ එක්දින ක්‍රීඩකයා/ක්‍රීඩිකාව

ජනෙමන් මාලන්

ලෝරා වොල්වර්ට්


වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා/ක්‍රීඩිකාව

ඒඩ්න් මක්‍රම්

ලෙස්ලී ලී


වසරේ ටෙස්ට් ක්‍රීඩකයා

කාගිසෝ රබාඩා


වසරේ නැගීඑන ක්‍රීඩකයා

මාර්කෝ ජන්සෙන්


වසරේ යොවුන් ක්‍රීඩකයා

ඩෙවල්ඩ් බ්‍රෙවිස්


ප්‍රේක්ෂකයන්ගේ ක්‍රීඩකයා

ඩේවිඩ් මිලර්


මකායා නිට්නි සම්මානය

නොන්කුලුලේකෝ ම්ලාබා


2021-22 සඳහා දේශීය ක්‍රිකට් සම්මාන ලාභීන්


වසරේ විනිසුරු - අල්ලාහුදීන් පලේකර්

නැගීඑන ක්‍රීඩකයා - මිචෙල් වැන් බුරන්

වටිනාම ක්‍රීඩකයා - සිසඳ මාගල

පළමු කොටසේ පුහුණුකරු - මැන්ඩ්ලා මෂිම්බි දෙවන කොටසේ පුහුණුකරු - මාර්ක් චාල්ටන්

පළාත් T20 කුසලාන තරඟාවලියේ ක්‍රීඩකයා - රිලී රුසොව්

T20 අභියෝගතා කුසලාන තරගාවලියේ ක්‍රීඩකයා - පීටර් මාලන්

පළමු කොටසේ සිව්දින ක්‍රීඩකයා - රයන් රිකල්ටන්

දෙවන කොටසේ සිව්දින ක්‍රීඩකයා - තෝමස් කාබර්

පළමු කොටසේ එක්දින ක්‍රීඩකයා - සිසන්ද මගාලා

දෙවන කොටසේ එක්දින ක්‍රීඩකයා - මයිකල් අර්ලන්ක්

වසරේ දේශීය ක්‍රිකට් ක්‍රීඩකයා - සිසන්ද මගාලා


55 views0 comments