• Chathura Ramanayake

තෙවන දිනයේ වැඩි ගෞරවය චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරුවන්ට !!!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තටගය තෙවන දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ තෙවන දිනය වූ අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් රැස්කොට සිටියහ. දිනයේ පළමු කඩුල්ල ලෙසින් සැදෑ පිතිකරු කසුන් රාජිත ලකුණු 7කට දැවී ගියේය.


අනතුරුව තෙවන කඩුල්ල වෙනුවෙන් කුසල් හා ඕෂධ ප්‍රනාන්දු ලකුණු 81ක් එක් කළහ. ඕෂධ ප්‍රනාන්දු පන්දු 125කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 64ක් රැස්කොට සිටියදී දවාගැනීමට යසීර් ශාහ්ට හැකිවිය. ඇන්ජලෝ මැතිවුස්ට් අද දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 9ක් පමණි. පන්දු 126ක් තුළ හතරේ පහර 9ක් සමගින් ලකුණු 76ක් රැස්කොට සිටි කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙසින් දැවී ගියේ යසීර් ශාගේ විශිෂ්ඨ අන්දමේ දගපන්දුවක් පිට ඉන්නේ දැවටීමෙනි.


ධනංජය සිල්වා ලකුණු 20කටත් නිරෝෂන් දික්වැල්ල ලකුණු 12කට දැවී යන්නේ මෙවරද දිනේෂ් චන්දිමාල් එක් අන්තයක හුදකලා කරමිනි. රමේෂ් මෙන්ඩිස් ලකුණු 22කට දැවී යද්දී චන්දිමාල් සමගින් එක්ව නවවන කඩුල්ලට ලකුණු 41ක් එක් කරන්නට මහීෂ් තීක්ෂණ සමත් විය. අද දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 329ක් රැස්කොට සිටියහ.


ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම දෙවන ඉනීමේදී ලකුණු 333ක ඉදිරියක් ලබාගැනීමට සමත් වී ඇත. දෙවන ඉනීමේදීද හුදකලා ඉනීමක් ක්‍රීඩා කරන,දිනේෂ් චන්දිමාල් පන්දු 121කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමගින් නොදැවුනු ලකුණු 86ක් රැස්කොට සිටියි. පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් නවාස් ලකුණු 88කට කඩුලු 5ක් බිදහෙලන්නට සමත් විය.


ශ්‍රී ලංකා පළමු ඉනීම - 222/10 (66.1)

දිනේෂ් චන්දිමාල් 76(115), මහීෂ් තීක්ෂණ 38(65), ඕෂධ ප්‍රනාන්දු 35(49)

ශහීන් අෆ්‍රිඩි 4/58, හසන් අලී 2/23, යසීර් ශා 2/66


පාකිස්තාන පළමු ඉනීම - 218/10 (90.5)

බාබර් අසාම් 119(244), මොහොමඩ් රිස්වාන් 19(35)

ප්‍රභාත් ජයසූරිය 5/82 , රමේෂ් මෙන්ඩිස් 2/18, මහීෂ් තීක්ෂණ 2/68


ශ්‍රී ලංකා දෙවන ඉනීම - 329/9(96)

දිනේෂ් චන්දිමාල්* 86(121), කුසල් මෙන්ඩිස් 76(126), ඕෂධ ප්‍රනාන්දු 64(125)

මොහොමඩ් නවාස් 5/88, යසීර් ශා 3/122

29 views0 comments