• Chathura Ramanayake

තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළ 11වනදා තරග බිමට !!!


ඉන්දියාවේදී පැවැත්වෙන Road Safety ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ කාලටසටහන් අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. කණ්ඩායම් 8ක් තරග වදින මෙම තරගාවලිය සැප්තැම්බර් මස 10 වනදා සිට ඔක්තෝබර් මස 1වනදා තෙක් පැවැත්වෙයි. තරගාවලියට කණ්ඩායම් 8ක් ක්‍රීඩා කරන අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය බැබලවූ ක්‍රීඩකයන් රැසක්ද මෙවර තරගාවලියට ක්‍රීඩා කරයි


තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මස 11වනදා පළමු තරගය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය. පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වනුයේ ශේන් වොට්සන් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.


ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය එංගලන්ත කණ්ඩායමට එරෙහිව සැප්තැම්බර් මස 13 වනදා පැවැත්වෙයි. මෙම තරගාවලිය ක්‍රීඩාංගණ හතරක් කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වෙන අතර ඔක්තෝබර් මස 1වනදා රායිපූර් හිදී අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන

සැප්තැම්බර් 11- ඕස්ට්‍රේලියාවට එරෙහිව රාත්‍රී 7.30

සැප්තැම්බර් 13 - එංගලන්තයට එරෙහිව රාත්‍රී 7.30

සැප්තැම්බර් 17 - දකුණු අප්‍රිකාවට එරෙහිව රාත්‍රී 7.30

සැප්තැම්බර් 25 - නවසීලන්තයට එරෙහිව පස්වරු 3.30

සැප්තැම්බර් මස 27 - බංග්ලාදේශයට එරෙහිව පස්වරු 3.30



384 views0 comments