• Chathura Ramanayake

තෙන්ඩුල්කාර් සමග මුම්බායි පිළට ක්‍රීඩා කළ අවධිය ගැන ජයසූරිය මතකය අවධි කරයි.

හිටපු ශ්‍රී ලංකා පිතිකරු සනත් ජයසූරිය, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ක්‍රීඩා කළ අවදොය යළි සිහිපත් කළේය. එහිදී ඔහු සචින් තෙන්ඩුල්කාර් ඇතුළු විශිෂ්ටයන් රැසක් සමඟ ක්‍රීඩා කලේය. ජයසූරිය 2008 සිට 2010 දක්වා වාර තුනක් මුම්බායි පිලට ක්‍රීඩා කළ අතර තරග 30 කදී ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමගින් ලකුණ ලකුණු 768 ක් රැස් කළේය.


මුම්බායි මගේ දෙවන නිවසයි. අපි මුම්බායි වල වගේම ඉන් පිටතත් ක්‍රීඩා කළා. කණ්ඩායම සහ කණ්ඩායම් හිමිකරුවන් ඇත්තෙන්ම හොඳ අය. ඔවුන් සියලු ක්‍රීඩකයින් ගැන සොයා බැලුවා. ඒක පවුලක් වගේ,”

ජයසූරිය Sportskeeda සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.



“සචින් සමඟ පන්දුවට පහර දීම තරමක් නිදහසක් ගෙන දුන්නා, මන්ද ඔහු නිතරම පැමිණ කුමක් කළ යුතු දැයි කියනවා. සැලසුම් ක්‍රියාත්මක කිරීමට සහ තරග ජයග්‍රහණය කිරීමට හැකි ක්‍රම ගැන ඔහු නිතරම කතා කළා,”

ජයසූරිය සහ ටෙන්ඩුල්කාර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 55,000කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා වාර්තා රැසකට උරුමකම් කියයි. සනත් ජයසූරිය එක්දින පිටියේ ලකුණු 13,430ක් සහ ටෙස්ට් පිටියේ දී ලකුණු 6973ක් රැස්කොට ඇත. ඔහු සිය ක්‍රිකට් දිවියේ විස්සයි20 තරග 31කට ක්‍රීඩා කරමින් ලකුණු 629ක් රැස් කළේය.


හර්බජාන් සිං නිතරම ලස්සන හාස්‍ය උපදවන කෙනෙක්. ඔහු අපව නිතරම සිනහවට පත් කරමින් ක්‍රීඩාගාරය ප්‍රාණවත් විදියට තියාගන්නවා

2,083 views0 comments