
Chathura Ramanayake
තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ට කොවිඩ් ආසාදනය වෙයි !!!

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කොවිඩ් රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ බව තහවුරු වීමෙන් අනතුරුව දෙවන ටෙස්ට් තරගයේ අවසන් දින දෙකෙන් ඔහුව ඉවත් කොට ඇත. ඔහු වෙනුවට ආරම්භක පිතිකරු ස්ථානයට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට එක් කොට ගෙන ඇත.
දෙවන ටෙස්ට් තරගයට පෙර ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු හා ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු විය. ඉන් පෙර ඇන්ජලෝ මැතිවුස් කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ නමුත් ඔහු හුදකලා කාලසීමාව අවසන් කරමින් දෙවන ටෙස්ට් තරගය වෙනුවෙන් එක්විය. ප්‍රවීන් ජයවික්‍රමටද කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් දෙවන ටෙස්ට් තරගය අහිමි විය.