• Chathura Ramanayake

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් කැරීබියන් ප්‍රිමියර් ලීගයට !!!



ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය මෙවර කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීමට නියමිතය. පසුගිය වර කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරයන් වූ St.Kitts & Nevis Patriots කණ්ඩායම විසින් මෙවර තරගාවලියට අකිල ධනංජය එක් කොටගෙන ඇත.


ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග St.Kitts &Nevis Patriots කණ්ඩායමට එක් කොට ගැනුණු අතර, ආසියානු කුසලාන තරගාවලියට එක් වීම හේතුවෙන් වනිදුට මෙවර තරගාවලිය අහිමි වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන සීක්කුගේ ප්‍රසන්න හා නිරෝෂන් දික්වැල්ල මෙවර කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරයි.


අකිල ධනංජය කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි. අකිල විස්සයි විස්ස පිටියේ තරග 101කට ක්‍රීඩා කරමින් කඩුලු 121ක් දවාගෙන ඇති පන්දු යවන්නෙකි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනාට මෙවර කැරීබියන් ප්‍රිමියර් ලීගයේ දස්කම් පාන්නට හැකිවේවායි Creedanet අපි සුභපැතුම් එක් කරමු..

960 views0 comments