• Chathura Ramanayake

තරුෂ කොඩිකාර 17න් පහළ යූත් ලීගයේ පන්දුවෙන් දස්කම් දක්වයි !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යූත් ලීග් තරගාවලියේ තෙවන දිනයට අදාල තරග ඊයේ දිනයේදී පැවැත්විණි. ඊයේ දිනයේදී තරග වෙනුවෙන් ක්‍රීඩා කළේ කොළඹ උතුර , කොළඹ  දකුණු කණ්ඩායම හා ගාල්ල , දඹුල්ල යන කණ්ඩායම් හතරයි.


කොළඹ උතුර හා දකුණ කණ්ඩායම් අතර තරගය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවත්විණි. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් පන්දුවාර 14 පන්දු 5ක් තුළ ලකුණු 79කට සීමාකරන්නට කොළඹ උතුර පන්දු යවන්නන් සමත් වූහ. කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වමතින් මද වේගපන්දු යවන කැලණිය ගුරුකුල විද්‍යාලයීය ක්‍රීඩක තරුෂ කොඩිකාර ලකුණු 29කට කඩුලු 5ක් බිදහෙලන්නට සමත් විය. එය මෙම තරගාවලියේ මෙතෙක් වාර්තා වූ හොදම පන්දු යැවීමයි.


තරුෂට අනගි සහයක් ලබාදුන් ගරුක සංකේත ලකුණු 37කට කඩුලු 3ක් බිදහෙලීය. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 15 පන්දු 4ක් තුළ කඩුලු 4ක් දැවී තිබියදී පහසුවෙන් තරගය ජයග්‍රහණය කළහ. එහිදී සමිදු නොදැවී ලකුණු 26ක්ද සරුජන් නොදැවී ලකුණු 20ක්ද රැස්කළහ.


ගාල්ල කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ මුලින් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 49 එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලකුණු 241ක් රැස්කළහ. දිනුර කලුපහන ලකුණු 61ක්ද භාෂණ ද සිල්වා ලකුණු 54ක්ද රැස්කරමින් ගාලු ඉනීම ශක්තිමත් කරන්නට විය. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 37කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 149ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 92ක විශිෂ්ඨ ජයක් ගාල්ල කණ්ඩායමට හිමි විය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් පෑ දිනුර කලුපහන ලකුණු 28ට කඩුලු 2ක් බිදහෙලීය.


කොළඹ උතුර හා කොළඹ දකුණ අතර තරගය


කොළඹ දකුණ කණ්ඩායම :79/10(14.5)

උනෙත් පීරිස් 29, ගවිරු සෙනෙහස් 18

තරුෂ කොඩිකාර 5/29, ගරුක සංකේත 3/37


කොළඹ උතුර කණ්ඩායම : 83/4 (15.4)

සමිඳු මධුරංග 26* ,සරුජන් ෂන්මුගනාදන් 20*

මලිත් රූපසිංහ 2/28


කොළඹ උතුර කණ්ඩායමට කඩුලු 6ක ජයක්


ගාල්ල හා දඹුල්ල අතර තරගය


ගාල්ල කණ්ඩායම : 241/10 (49.1)

දිනුර කළුපහන 61, භාෂණ ද සිල්වා 54

ආර්. නිව්ටන් 3/31, කිවේන් ෂෙවන්ත 2/33


දඹුල්ල කණ්ඩායම : 149/10 (37)

විශ්ව රාජපක්ෂ 42, අනුරාධ රණසිංහ 25

එස්. කරිලිෂ්වරන් 2/28, දිනුර කළුපහන 2/28, සංජු ඩිල්ෂාන් 2/38


ගාල්ල කණ්ඩායමට ලකුණු 92ක ජයක්


Images & Stat Source : Srilanka Cricket

45 views0 comments