• Shaminda Jayarathne

තරඟ පාවාදීමේ චෝදනාවට හසු වූ ඉන්දීය ක්‍රීඩකයා නැවතත් තරඟ පිටියට!

2007 විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ අවසන් තරඟය මෙන්ම 2011 ලෝක කුසලානය ජයග්‍රහණය කළ අවසන් තරඟයත් ඉන්දියාව වෙනුවෙන් නියෝජනය කළ ශාන්තකුමාරන් ස්‍රීසාන්ත් නැවතත් ක්‍රිකට් පිටිය තුළ දකින්නට ලැබෙන බවට වන ඉඟියක් ඊයේ දිනයේදී ඉන්දියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.


ඒ ඉන්දියාවේ 75 වන නිදහස් දින සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ලබන India Maharajas සහ World Giants යන කණ්ඩායම් දෙක අතරේ පැවැත්වෙන තරඟයට ස්‍රීසාන්ත්ව නම් කරමින්. 2013 වසරේ IPL තරඟාවලියේදී රාජස්ථාන් රෝයල්ස් සමගින් ක්‍රීඩා කරමින් සිටියදී තරඟ පාවාදීමේ සිදුවීමකට ස්‍රීසාන්ත් වැරදිකරු බවට පත් වුණා.


ඉන් අනතුරුව ජීවිත කාලයටම ඔහුට ක්‍රිකට් තහනමක් පැනවීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කළා. නමුත් වසර 6 කට පසුව 2019 දී ඔහුගේ තරඟ තහනම ඉවත් කිරීමට තීරණය වුණා. ඉන් පසුව නැවතත් ක්‍රිකට් පිටිය අවතීර්ණ වෙන ස්‍රීසාන්ත් මේ වසරේදී India Maharajas සමගින් ක්‍රීඩා කරනවා ඇති.


ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 27 කදී කඩුලු 87ක්, එක්දින තරඟ 53 කදී කඩුලු 75ක් සහ විස්සයි විස්ස තරඟ 10 කදී කඩුලු 7ක් වශයෙන් ශාන්තකුමාරන් ස්‍රීසාන්ත් බිඳ හෙලා තිබෙනවා. ඔහු නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී දකින්නට නොලැබුණත් India Maharajas සමග ක්‍රීඩා කිරීමට ලැබීම ස්‍රීසාන්ත් හට ලැබුණු විශාල අවස්ථාවක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණා.

49 views0 comments