• Shahan Fernando

ඩිල්ෂාන් සහ සංගා පසුකරමින් පැතුම් නිස්සංක ඉදිරියටම.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඊයේ දිනයේදී ශ්‍රී ලංකා විස්සයි විස්ස වාර්තා පොත් අලුත් කරන්නට සමත් විය. ඒ ඊයේ දිනයේදී පාකිස්තානය සමගින් පැවති සුපිරි කණ්ඩායම් හතර වටයේ තරගයකදී නොදැවී ලකුණු 55ක් රැස්කරමිනි. ශ්‍රී ලංකා විස්සයි විස්ස ඉතිහාසයේ කැලැන්ඩර් වසරක් තුළ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වන්නට පැතුම් නිස්සංකට හැකි විය.




පැතුම් නිස්සංක මෙම වසරේ මේ දක්වා කාලසීමාව තුළ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 16කට ක්‍රීඩා කරමින් ලකුණු 491ක් රැස්කිරීමට සමත් ව ඇත්තේ 32.73ක පිතිකරණ සාමාන්‍යයක් රදවා ගනිමිනි. පැතුම් නිස්සංක මෙම වසර තුළ ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතක හතරක්ද රැස්කිරීමට සමත් වී ඇත.


මින් පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කැලැන්ඩර් වසරක් තුළ වැඩිම ලකුණු රැස්කොට තිබුණේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂානුයි. තිලකරත්න ඩිල්ෂාන් 2009 වසරේදී ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 12කට ක්‍රීඩා කරමින් ලකුණු 471ක් රැස්කළේ 42.81ක සාමාන්‍යයක් රදවා ගනිමිනි.


කැලැන්ඩර් වසරක් තුළ වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර සිව්වන ස්ථානය වත්මන් නායක දසුන් ශානකට හිමි වී ඇත. දසුන් වසරේ මේ දක්වා කාලය තුළ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 16කට ක්‍රීඩා කරමින් ලකුණු 417ක් රැස්කොට ඇත.




කැලැන්ඩර් වසරක් තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු රැස්කළ පිතිකරුවන්


පැතුම් නිස්සංක(2022) - ලකුණු 491

තිලකරත්න ඩිල්ෂාන්(2009) - ලකුණු 471

කුමාර් සංගක්කාර(2009) - ලකුණු 434

දසුන් ශානක (2022) - ලකුණු 417

දිනේෂ් චන්දිමාල්(2016) - ලකුණු 373

මහේල ජයවර්ධන(2010) - ලකුණු 343

5,159 views0 comments