• Chathura Ramanayake

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිළ රසෙල් ඇතුළු ප්‍රභලයන් රදවා ගනී !!!



අබුඩාබි T10 ලීග් තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 23වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය සදහා එක්වන කණ්ඩායම් මෙවර තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් රදවා ගැනීම සිදු කරයි.


තරගාවලියේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය වෙනුවෙන් රදවා ගන්නා ක්‍රීඩකයන් අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මෙවර තරගාවලිය වෙනුවෙන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ක්‍රීඩකයන් පස්දෙනෙකු රදවා ගැනීමට තීරණය කොට ඇත.


එම ක්‍රීඩකයන් අතරට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් වන ඇන්ඩ්‍ර්‍ රසෙල්, ඔඩේන් ස්මිත් ඇතුළත්ය. ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම රදවාගත් සෙසු ක්‍රීඩකයන් වනුයේ ටොම් කැඩ්මෝර්, ඩේවිඩ් වයිස් හා සූර් ඛාන් ය.


මෙවර තරගාවලිය වෙනුවෙන් දිල්ලි බුල්ස් කණ්ඩායම රදවාගන්නා ක්‍රීඩකයන් පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර එම ක්‍රීඩකයන් අතරට රහ්මනුල්ලා ගුර්බාස්, රිලී රුසොව් හා ඩොමිනික් ඩ්‍රේක්ස් ඇතුළත්ය.දිල්ලි බුල්ස් කණ්ඩායමට පසුගියදා ටිම් ඩේවිඩ් ප්ලැටිනම් ක්‍රීඩකයා ලෙසින් ටිම් ඩෙවිඩ්ද ඩ්වේන් බ්‍රාවෝ ද එක් කොට ගෙන ඇත.

30 views0 comments