• Chathura Ramanayake

ඩර්බන් කණ්ඩායමත් ගිවිසුම් ගත ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කරයි



දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් හදුන්වා දුන් නව ලීග් තරගාවලියේ කණ්ඩායමක් වන ඩර්බන කණ්ඩායම විසින් ගිවිසුම් ගත පළමු ක්‍රීඩකයන් 5 දෙනා නිවේදනය කොට ඇත. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙරාතුව ඩර්බන් කණ්ඩායම විසින් මෙලෙසින් ගිවිසුම් ගත ක්‍රීඩකයන් පස්දෙනා නිවේදනය කොට ඇත. ඩර්බන් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනුයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනි.


ඒ අනුව ගිවිසුම් ගත ක්‍රීඩකයන් අතරට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් දෙදෙනෙකු , කොදෙව් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා එක් එංගලන්ත ක්‍රීඩකයෙකු ඇතුළත්ය. එම ක්‍රීඩකයන් වනුයේ ක්වින්ටන් ඩි කොක්, ජේසන් හෝල්ඩර්, කයිල් මේයර්ස්, රීස් ටොප්ලී හා ප්‍රීන්ලන් සුබ්‍රියන් ය.


මෙම ලීගයේ නීති රීති වලට අනුව ක්‍රීඩක වෙන්දේසියට පෙර සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයන් පස්දෙනෙකු සමගින් ගිවිසුම් ගත විය යුතුය. එම ක්‍රීඩකයන් පස්දෙනා අතරට එක් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්, දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් නොලද ක්‍රීඩකයෙක් හා විදෙස් ක්‍රීඩකයන් තිදෙනකු බැගින් ඇතුළත් විය යුතුය.

722 views0 comments