• Chathura Ramanayake

ජොහැන්ස්බර්ග් කණ්ඩායම සමග ගිවිසුම් ගත ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලාංකිකයෙකුත් !!



දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් හදුන්වා දුන් නව ලීග් තරගාවලියේ කණ්ඩායමක් වන ජොහැන්ස්බර්ග් කණ්ඩායම විසින් ගිවිසුම් ගත පළමු ක්‍රීඩකයන් 5 දෙනා නිවේදනය කොට ඇත. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙරාතුව ජොහැන්ස්බර්ග් කණ්ඩායම විසින් මෙලෙසින් ගිවිසුම් ගත ක්‍රීඩකයන් පස්දෙනා නිවේදනය කොට ඇත. ජොහැන්ස්බර්ග් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනුයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනි.


ඒ අනුව ගිවිසුම් ගත ක්‍රීඩකයන් අතරට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් දෙදෙනෙකු , එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු, හා එක් එංගලන්ත ක්‍රීඩකයෙකු හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු ඇතුළත්ය. එම ක්‍රීඩකයන් වනුයේ ෆැෆ් ඩුප්ලෙසිස්, මහීෂ් තීක්ෂණ, මොයීන් අලී, රෝමාරියෝ ෂෙපර්ඩ් හා ජෙරල්ඩ් කොට්සී ය.


මෙම ලීගයේ නීති රීති වලට අනුව ක්‍රීඩක වෙන්දේසියට පෙර සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයන් පස්දෙනෙකු සමගින් ගිවිසුම් ගත විය යුතුය. එම ක්‍රීඩකයන් පස්දෙනා අතරට එක් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්, දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් නොලද ක්‍රීඩකයෙක් හා විදෙස් ක්‍රීඩකයන් තිදෙනකු බැගින් ඇතුළත් විය යුතුය.

196 views0 comments