• Chathura Ramanayake

ජූලි මාසය සදහා වන ICC ක්‍රීඩකයා සම්මානය ප්‍රභාත් ජයසූරියට !!!



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් සෑම මසකට වරක්ම ICC මාසික ක්‍රීඩකයා නම් කරනු ලබයි. මෙම මාසික ක්‍රීඩකයා තේරීම සදහා ප්‍රේක්ෂකයන්ටද අවස්ථාව හිමිවෙයි. පසුගිය ජූලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව ICC මාසික ක්‍රීඩකයා සදහා මෙවරද ක්‍රීඩකයන් තිදෙනකු නිර්දේශ විය. ඒ අනුව එම ක්‍රීඩකයන් අතරට ජොනී බෙයාස්ටෝ, ප්‍රභාත් ජයසූරිය හා ගස්ටව් මැකියොන් ඇතුළත් විය.


පසුගිය ජූලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව එම මාසය සදහා වූ ICC ක්‍රීඩකයා සම්මානය හිමි ක්‍රීඩකයා අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව ජූලි මාසය සදහා වන ICC ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය විසින් දිනාගැනීමට සමත් විය. ඒ අනුව ICC මාසික ක්‍රීඩකයා සම්මානය දිනාගත් දෙවන ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවටද ප්‍රභාත් ජයසූරිය පත් විය. මින් පෙර මැයි මාසයේදී ICC මාසික ක්‍රීඩකයා සම්මානය ඇන්ජලෝ මැතිවුස් විසින් දිනාගැනීමට සමත් විය.


ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පසුගිය මාසයේදී ටෙස්ට් වරම් හිමිකරගත් ප්‍රභාත් ජයසූරිය සිය පළමු තරගයේදීම කඩුලු 12ක් දවාගනිමින් වාර්තා පොත් අතරට එක් වන්නටද සමත් විය. අනතුරුව පාකිස්තාන කණ්ඩායම සමගින් පැවැති ටෙස්ට් තරගාවලියේදීද තරග 2 තුළ කඩුලු 17ක් දවාගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් විය. ඒ අනුව පසුගිය මාසයේදී ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග 3දී කඩුලු 29ක් බිදහෙලන්නට ඔහු සමත් වූයේ වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත් වෙමිනි

499 views0 comments