• Chathura Ramanayake

ජ්‍යේෂ්ඨයන් අභිබවමින් තරුණ පිතිකරුවෝ මූලික වටයේ දස්කම් දක්වති !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ දිනයේදී නිමාවට පත් විය. ඒ අනුව මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට SLC Blues කණ්ඩායම හා SLC Reds කණ්ඩායමට හැකිවිය. තරගාවලියේ මූලික වටය අවසානයේදී වැඩිම ලකුණු ලාභී ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පිළිබඳව මෙම ලිපියෙහි දැක්වේ.


මෙවර තරගාවලිය මූලික වටයේ තරග 6කින් සමන්විත වූ අතර සෑම කණ්ඩායමා තරග 3 බැගින් ක්‍රීඩා කළහ. මූලික වටය අවසානයේදී තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නට SLC Reds කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ට හැකිවිය. ඔහු ඉනීම තුන තුළදී ලකුණු 150ක් රැස්කළ අතර තරගාවලියේ හොදම ඉනීම ලෙසින් Blues කණ්ඩායමට එරෙහිව ලකුණු 86ක් රැස්කිරීමටද ඔහුට හැකිවිය. කුසල් මෙන්ඩිස් තරගාවලිය තුළ 123කට ආසන්න පිතිකරණ වේගයක් රදවා ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරු ලෙසින් තමා සුදුසු බව යළිත් වරක් පසක් කරමිනි.


තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැන්නා බවට පත් වූයේ SLC Greys කණ්ඩායමේ ආරම්භක පිතිකරු තානුක දාබරේයි. ඔහු ඉනීම තුන තුළදී ලකුණු 104ක් රැස්කිරීමට සමත් වූයේ 140ක පිතිකරණ සාමාන්‍යයක් සමගිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය වෙනුවෙන් තමාද සූදානමින් පසුවන බවට සනාථ කළ නිරෝෂන් දික්වැල්ල තරගාවලියේ තෙවන වැඩිම ලකුණු ලාභියා ලෙසින් රැදී සිටිනුයේ තරග 3 තුළ ලකුණු 103ක් රැස් කරමිනි.


SLC Blues කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කළ අශේන් බණ්ඩාර තරගාවලිය තුළ මෙතෙක් වැඩිම ලකුණු ලාභීන් අතර සිව්වැන්නා බවට පත්ව ඇත්තේ ලකුණු 94ක් රැස්කරමිනි. වැඩිම ලකුණු ලාභීන් අතර පස්වන ස්ථානයෙහි ලසිත් ක්‍රෝස්පුල්ලේද හයවන ස්ථානයෙහි වනිදු හසරංගද රැදී සිටියි.



ක්‍රීඩකයා

ඉනීම

ලකුණු

ප්‍රහාරක වේගය

හොදම ලකුණ

කුසල් මෙන්ඩිස්


3

150

122.95

86

තානුක දාබරේ


3

104

140.54

66

නිරෝෂන් දික්වැල්ල


3

103

122.61

76*

අශේන් බණ්ඩාර


3

94

111.90

37*

ලසිත් ක්‍රෝස්පුල්ලේ


3

88

122.22

54

වනිදු හසරංග


3

75

159.57

69*

දසුන් ශානක


3

58

105.45

37

චරිත් අසලංක


2

52

152.94

29

භානුක රාජපක්ෂ


3

52

108.33

34

ලහිරු උදාර

2

51

106.25

35


2,314 views0 comments