• Chathura Ramanayake

ජැමෙයිකානු කෙටිදුර ධාවන ශූරිය පස්වන මීටර් 100 ලෝක ශූරතාවය දිනා ගනී !!!



ජැමෙයිකානු කෙටිදුර ධාවන ශූරී ශෙලී ඈන් ෆ්‍රෙසර් ප්‍රයිස් පස්වන මීටර් 100 ලෝක ශූරතාවය දිනාගැනීමට සමත් විය. ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 10.67කින් අවසන් කරමින් එහි රන් පදක්කම හිමිකරගැනීමට ඇයට හැකිවිය. මෙම කාලය ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 100 කාන්තා ඉසව්වෙහි හොදම කාලය ලෙසින්ද වාර්තා අතරට එක් විය.


මෙම ඉසව්වෙහි දෙවන ස්ථානයද ජැමෙයිකානු ක්‍රීඩිකා ශෙරිකා ජැක්සන් විසින් දිනාගත්තේ ඇයගේ පෞද්ගලික හොදම කාලය වාර්තා කරමිනි. මීටර් 100 අවසන් මහා තරගයේදී ඇය තත්පර 10.73කදී එම ඉසව්ව නිමා කරන්නට සමත් විය.


ඔලිම්පික් කෙටිදුර ධාවන ශූරී එලයින් තොම්සන් තත්පර 10.87ක කාලයකින් මීටර් 100 ඉසව්ව අවසන් කරමින් එහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය.


ඒ අනුව ශෙලී ඈන් වාර්තා පොත් අතරට එක්වූයේ එකම ඉසව්වෙහි ලෝක ශූරතාවයන් 5ක් ජයග්‍රහණය කළ ලොව එකම පුද්ගලයා ලෙසිනි. ඇය මින් පෙර 2009, 2013, 2015, 2019 යන වසරවලදී ලෝක ශූරතා මීටර් 100 ඉසව්වෙහි රන් පදක්කම දිනාගැනීමට සමත්විය. එමෙන්ම ශෙලී ඈන් ෆ්‍රෙසර් ප්‍රයිස් 2008 බීජිං ඔලිම්පික් උළෙල හා 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදීද මීටර් 100 රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

0 views0 comments