• Chathura Ramanayake

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය උණුසුම් කළ ඊයේ පැවති ක්‍රිකට් තරග තොරතුරු...


ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය උණුසුම් කළ තරග තුනක් ඊයේ දිනයේදී පැවැත්විණි. ඊට එක්දින තරග දෙකක් හා එක් විස්සයි විස්ස තරගයක් ඇතුළත් විය. එංගලන්ත ඉන්දියා විස්සයි විස්ස තරගයේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායම සතු වද්දී අනිකුත් පැවති එක්දින තරගවලින් ජයග්‍රහණ හිමිකරගැනීමට බංග්ලාදේශය හා නවසීලන්තය සමත් විය.


ඉන්දියාව හා එංගලන්තය අතර විස්සයි විස්ස තරගය


සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ඊයේ දිනයේදී නොටින්ග්හැම්හිදී පැවැත්විණි. තරගාවලිය පූර්ණ පරාජයෙන් ගැලවීමේ අදිටනින් එංගලන්ත කණ්ඩායම මෙම තරගයට එක්වද්දී කාසියේ වාසිය හිමිකරගත් ජෝස් බට්ලර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 215ක් රැස්කිරීමට සමත් විය.


 එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් මාලන් පන්දු 39ක් තුළ හතරේ පහර 6ක් හා හයේ පහර 5ක් සමගින් වේගවත් ලකුණු 77ක් රැස්කිරීමට සමත් විය. නොදැවී පන්දුවට පහර දුන් ලියම් ලිවින්ග්ස්ටන් හයේ පහර 4ක් සමගින් ලකුණු 42ක් රැස්කළේය. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හර්ෂාල් පටෙල් හා රවී බිෂ්නෝයි කඩුලු 2ක බැගින් බිදහෙලූහ.


පිළිතුරු ලෙසින් ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ඉනීමක් ක්‍රීඩා කරන්නට සූර්‍යකුමාර් යාදව් සමත් වූයේ පන්දු 56ක් තුළ ලකුණු 117ක් රැස්කරමිනි. ඔහුගේ එම විශිෂ්ඨ ඉනීමට හතරේ පහර 14ක් හා හයේ පහර 6ක් ඇතුළත් විය. ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 198ක් පමණි. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් රීස් ටොප්ලී කඩුලු 3ක්ද ක්‍රිස් ජෝඩ්න් හා ඩේවිඩ් විලී කඩුලු 2 බැගින්ද බිදහෙලීය.


එංගලන්තය - 215/7(20)

ඩේවිඩ් මාලන් 77(39), ලියම් ලිවින්ග්ස්ටන් 42(29)

රවී බිෂ්නෝයි 2/30, හර්ෂල් පටෙල් 2/35


ඉන්දියාව - 198/9(20)

සූර්‍යකුමාර් යාදව් 117(55), ශ්‍රෙයාස් අයියර් 27(23)

රීස් ටොප්ලී 3/22, ක්‍රිස් ජෝඩ්න් 2/37, ඩේවිඩ් විලී 2/40


බංග්ලාදේශ කොදෙව් එක්දින තරගය


වර්ෂාවෙන් තරග ආරම්භයට බාදා එල්ල වීම හේතුවෙන් පන්දුවාර 41කට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශය පළමුව පන්දු රැකීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසෙන කොදෙව් ක්‍රීඩකයන්ට ඉනීම අවසානයේදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 149ක් පමණි. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ ශම්රා බෲක්ස් ලකුණු 33ක් රැස්කළ අතර පන්දු යැවීමේදී ශෝරිෆුල් ඉස්ලාම් කඩුලු 4ක් බිදහෙලීය. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරාලීමට සමත් විය. එහිදී මහමදුල්ලා රියාස් නොදැවී ලකුණු 41ක් රැස්කළේය.


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම - 149/9(41)

ශම්රා බෲක්ස් 33(66), ඇන්ඩර්සන් පිලිප්* 21(22)

ශෝරිෆුල් ඉස්ලාම් 4/34, මෙහෙදි හසන් 3/36


බංග්ලාදේශ කණ්ඩායම - 151/4 (31.5)

මහමදුල්ලා* 41(69), නජ්මුල් හුසේන් 37(46), ටමිම් ඉක්බාල් 33(25)

ගුඩාකේෂ් මෝටි 1/18, නිකලස් පූරන් 1/39


නවසීලන්තය හා අයර්ලන්තය අතර එක්දින තරගය


ඩබ්ලින්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කලහ. සිය ඉනීම වෙනුවෙන් පිටියට පිවිසි අයර්ලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස්කිරීමට සමත් වූහ.සිය මංගල එක්දින ශතකය වාර්තා කළ හැරී ටෙක්ටර් පන්දු 117කදී හතරේ පහර 14ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 113ක් රැස්කළේය. ඉලක්කය හබාගිය නවසීලන්ත කණ්ඩායමේ මැදපෙළ පිතිකරු මයිකල් බ්‍රේස්වෙල් පන්දු 82ක් තුළ හතරේ පහර 10ක් හා හයේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 127ක් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. තියුණු තරග අවසානයකින් අනතුරුව එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 9ක් දැවී තරගයේ ජයග්‍රහණය හිමිකරගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකිවිය.


අයර්ලන්තය - 300/9 (50)

හැරී ටෙක්ටර් 113(117), කර්ටිස් කැම්පර් 43(47), ඇන්ඩි මැක්බ්‍රයන් 39(58)

ලොකී ෆර්ගසන් 2/44, ඉෂ් සෝඩි 2/62, බ්ලෙයාර් තින්කර් 2/71


නවසීලන්තය - 305/9(49.5)

මයිකල් බ්‍රේස්වෙල්* 127(82), මාටින් ගප්ටිල් 51(61), ග්ලෙන් පිලිප්ස් 38(53)

කර්ටිස් කැම්පර් 3/49, මාර්ක් ඒඩාර් 2/43

12 views0 comments