• Chathura Ramanayake

ජාතික ක්‍රීඩා සභාවට සාමාජිකයන් 15ක් !!!



ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන්ට පත්වීමේ ලිපි ප්‍රධානය කිරීම අද දිනයේදී සිදුවිය. මෙම අවස්ථාව පැවැත්වූයේ ටොරින්ටන්හි පිහිටි ජාතික ක්‍රීඩා සභාවේදීය. මෙම පත්වීමේ ලිපි ප්‍රධානය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහභාගී විය.


මෙම ජාතික ක්‍රීඩා සභාවේ කාර්‍යන් අතරට ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම යන කරුණු ඇතුළත්ය.


අභිනවයෙන් පත් කෙරිනු නව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත් කොට ඇත. අර්ජුනගෙ ප්‍රධානත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාවට සාමාජිකයන් 15 දෙනෙකු ඇතුළත්ය.


ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන්

අර්ජුන රණතුංග - සභාපති

ලුතිනන් ජෙනරාල් එච්.එල්.වී.එම්. ලියනගේ

එයාර් මාර්ෂල් එස්.කේ. පතිරණ

වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න

අමල් එදිරිසූරිය

මේජර් ජෙනරාල් රාජිත අම්පේමොහොට්ටි

ආචාර්ය මයියා ගුණසේකර

ශ්‍රියානි කුලවංශ

නීතිඥ අජිත් පතිරණ

සුනිල් ජයවීර

ක්‍රිෂාන්ත මෙන්ඩිස්

ලසිත ගුණරත්න

නලින්ද ඉලංගකෝන්

සුදත් චන්ද්‍රසේකර

සුජානි බෝගොල්ලාගම

54 views0 comments