• Chathura Ramanayake

ජාතික කණ්ඩායමද ? ලීග් තරඟාවලිද ? කොදෙව් ප්‍රභලයින් දෙදෙනෙක් ගැටළුවක.



එළඹෙන වසරේදී බටහිර ඉන්දීය කොදෙව් ප්‍රභල ක්‍රීඩකයන් දෙදෙනකු මාස 4ක කාලසීමාවක් කොල්කටා නයිට්‍රයිඩර්ස් ෆ්‍රැන්චයිස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය. කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ඇන්ඩ්‍ර රසෙල් හා දගපන්දු යවන ක්‍රීඩක සුනිල් නරායන් එළඹෙන වසරේදී කොල්කටා ෆ්‍රැන්චයිස් කණ්ඩායම් ත්‍රිත්වයක් නියෝජනය කිරීමට නියමිතය.


එළඹෙන වසරේ ජනවාරි මස පැවැත්වෙන එක්සත් අරාබි එමීර් ලීගයේ අබුඩාබි නයිට්‍රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනුයේ කොල්කටා නයිට්‍රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනි. ඊයේ දිනයේදී එම කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කෙරුනු අතර ඊට ඇන්ඩ්‍ර්‍ රසෙල් හා සුනිල් නරායන් ඇතුළත් විය.


එම තරගාවලියෙන් අනතුරුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන අතර එම තරගාවලියේදීද සුනිල් නරායන් හා ඇන්ඩ්‍ර්‍ර රසෙල් කොල්කටා නයිට්‍රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් අනතුරුව කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙයි.


එම තරගවාරයේදීද ඇන්ඩ්‍ර්‍ර රසෙල් හා සුනිල් නරායන් යන ක්‍රීඩකයන් දෙදෙනා නයිට්‍රයිඩර්ස් සමූහය විසින් හිමිකාරීත්වය දරණ ට්‍රින්බැගෝ නයිට්‍රයිඩර්ස් කණ්ඩායමට ක්‍රීඩ කිරීමට නියමිතය. ඒ අනුව එළඹෙන වසරේදී මාස 4කට ආසන්න කාල සීමාවක් ඇන්ඩ්‍ර්‍ර රසෙල් හා සුනිල් නරායන් නයිට්‍රයිඩර්ස් කණ්ඩායම් නියෝජනය කරනු ඇත.

83 views0 comments