• Shaminda Jayarathne

ජයග්‍රාහී සිංහයන් පිළි ගැනීමට උදෑසනින් මාර්ග දෙපස රොක් වන්න!


ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත වනවා. ශ්‍රී ලංකා වේලාවෙන් පාන්දර 4 30 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතට ඔවුන් ළඟා වීමට නියමිතයි.


ගුවන් තොටුපළේදී කණ්ඩායම පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කොට තිබෙනවා. එම උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් ද එක් වීමට නියමිත බවට සඳහන්. එම උත්සවය අවසන් වී කණ්ඩායම උදෑසන 6.30 ට පමණ ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් පැමිණීමට නියමිතයි.

ඉන් අනතුරුව විශේෂ විවෘත බස් රථයක් ඔස්සේ කණ්ඩායම කටුනායක සිට කොළඹ බලා පැමිණීමට සූදානම් කොට තිබෙනවා.


කටුනායක සිට කොළඹට ඇති සාමාන්‍ය මහා මාර්ගය ඔස්සේ ඔවුන් පැමිණෙන බැවින් මග දෙපස රැස් වී ක්‍රීඩකයන් හට ජයඝෝෂා නැගීමට එක් වන ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයන් හට දැනුම් දී තිබෙනවා.

109 views0 comments