• Chathura Ramanayake

ජඩේජා නොමැති වීම ඉන්දියාවට විශාල පාඩුවක් විය හැකි බවට මහේලගෙන් ප්‍රකාශයක්.

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේදී රවීන්ද්‍ර ජඩේජා නොමැති වීම ඉන්දියාවට දැනෙනු ඇතැයි ශ්‍රී ලංකා හිටපු පිතිකරු මහේල ජයවර්ධන සදහන් කොට ඇත. පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ දී ජඩේජා දණහිසේ ආබාධයකට ලක්විය.


ජඩේජා සහ හර්දික් පාණ්ඩ්‍යා යන ක්‍රීඩකයන් දෙදෙනා අවශ්‍ය ඕනෑම වේලාවකදී වේලාවේදී විශාල පහරවල් කරා යොමුවිය හැකි ක්‍රීඩකයන් වීම හේතුවෙන් ඉන්දියාවට ඔවුන්ගේ පිතිකරණ ලයිස්තුවට ඉතා වාසි සහගත වූ බව මහේල ජයවර්ධන සදහන් කොට ඇත.


"එය ඔවුන්ට අභියෝගයක්. ඉන්දියාව ඔහුව අංක 5 පිතිකරණ භූමිකාවට හොඳින් සකස් කරල තිබ්බා. ඔහු ඉතා හොඳින් පිතිකරණයේ යෙදී සිටියා. තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ජඩේජා හා පාන්ඩ්‍යා ඉන්දීය කණ්ඩායමේ මුල් ක්‍රීඩකයන් හයදෙනා අතර සිටීම ඉන්දීය පිතිකරණ ඒකකයට වඩා වාසි සහගත වුණා.
වමත් පිතිකරුවෙකු නොමැති වීම බොහෝ විට ඔවුන්ට අසීරු වේවි. ඔවුන් දිනේෂ් කාර්තික් ඉවත් කර අංක 4,5 පිතිකරණ භූමිකාවට රිෂාබ් පාන්ට් ගෙන ඒමට යොමුවෙලා තියෙනවා. මේවා ලෝක කුසලානයට යන විට ඔවුන් විසඳා ගත යුතු දේවල්"

නමුත් දක්ෂතා අතර සිටි ජඩේජා නොමැති වීම ඔවුන්ට විශාල පාඩුවක් වේවි යනුවෙන් මහේල ජයවර්ධන සදහන් කොට ඇත.


4,375 views0 comments