
Chathura Ramanayake
චාමික කරුණාරත්න ගේ සොයුරා ප්රමුඛ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරදවයි!

පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ කණ්ඩායම් බැඩ්මින්ටන් ඉසව්වේ මූලික වටයේ තරඟයක් 3-1ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින්.
මෙම තරඟයේදී,
මිශ්‍ර යුගල තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක සචින් ඩයස් හා ක්‍රීඩිකා තිළිණි හෙන්දහේවා ලකුණු 21-18 ක් හා 21-14ක් වශයෙන් තරඟ වට 2-0 කින් ජයග්‍රහණය කළා.
පිරිමි ඒකල තරඟය නිලූක කරුණාරත්න ලකුණු 21-18 ක් හා 21-12ක් වශයෙන් තරඟ වට 2-0 කින් ජයග්‍රහණය කළා.
කාන්තා ඒකල තරඟය විදාරා විතානගේ තරඟ වට 2-0ක් ලෙස ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත් වුණා.
පිරිමි යුගල තරඟයේදී නිලූක කරුණාරත්න සහ සචින් ඩයස් 21-14ක් හා 21-16 ක් වශයෙන් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කළා.
ඒ අනුව 3-1ක් වශයෙන් ශ්‍රී ලංකාවට සමස්ථ ජයග්‍රහණය හිමි වුණා. මෙහි පිරිමි යුගල සහ ඒකල අංශය නියෝජනය කළ නිලුක කරුණාරත්න යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ගේ වැඩිමහල් සොහොයුරා වීමද විශේෂත්වයක්.