• Chathura Ramanayake

චෙන්නායි බ්‍රේව්ස් පිළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු රදවා ගනී.


ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ප්‍රභලතම ක්‍රීඩකයන් දෙදෙනෙකු වන මහීෂ් තීක්ෂණ හා භානුක රාජපක්ෂ මෙවර අබුඩාබි T10 තරගාවලිය වෙනුවෙන් රදවා ගැනීමට චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම කටයුතු කොට ඇත. මීට අමතරව ඇෆ්ගනිස්තාන ප්‍රහාරාත්මක පිතිකරු අහමඩ් ශෙෂාඩ් ද තම කණ්ඩායම තුළ රදවා ගැනිමට චෙන්නායි බ්‍රේව්ස් හිමිකරුවන් තීරණය කොට ඇත


ඊයේ දිනයේදී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක ව චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ ICON ක්‍රීඩකයා ලෙසින් නම් කරනු ලැබීය. පසුගිය වසරේදී ද දසුන් ශානක හා භානුක රාජපක්ෂ අබුඩාබි T10 තරගාවලියේ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට ක්‍රීඩා කළහ. මෙවර අබුඩාබි T10 තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 23 වනදා සිට දෙසැම්බර් 4 වනදා තෙක් පැවැත්වෙයි.


තරඟාවලිය කණ්ඩායම් 6කින් සමන්විත තරඟාවලියක් ලෙස පසුගිය වසරේ පැවති අතර පසුගිය වසරේ දී එම තරඟාවලියේ ශූරතාවය දිනාගත්තේ වනිදු හසරංග ක්‍රීඩා කළ Deccan Gladiators කණ්ඩායමයි. වනිදු හසරංග මෙවර තරගාවලිය වෙනුවෙන් නදර්න් වොරියස් කණ්ඩායමේ ICON ක්‍රීඩකයා ලෙසින්ද නම් කෙරිණි.


3,441 views0 comments