
Chathura Ramanayake
චරිත් අසලංක ප්රමුඛ නිල් බළකායේ පිතිකරණ බලඇණිය !!!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලිය එළඹෙන අගෝස්තු මස 8වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ එක් එක් කණ්ඩායමේ පිතිකරණ බලඇණිය පිළිබඳව Creedanet අප ගෙන එන ලිපි මාලාවෙහි මෙම ලිපියෙන් අවදානය යොමු කෙරෙනුයේ චරිත් අසලංක ප්රමුඛ කොටගත් SLC Blues කණ්ඩායමේ පිතිකරණ ඒකකය පිළිබඳවයි.
චරිත් අසලංක ප්රමුඛ කොටගත් SLC Blues කණ්ඩායමේ පිතිකරණ බලඇණියට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඇතුළත්ය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, ටෙස්ට් උපනායක ධනංජය ද සිල්වා, කඩුලු රකින පිතිකරු සදීර සමරවික්‍රම යන ක්‍රීඩකයන් ජාත්‍යන්තර අත්දැකීම් සහිත පළපුරුදු පිතිකරුවන් අතරට ඇතුළත්ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක් චාමික කරුණාරත්නද SLC Blues කණ්ඩායමේ පිතිකරණ බලඇණිය ශක්තිමත් කිරීමට සූදානමින් පසුවෙයි.
චරිත් ප්රමුඛ නිල් කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීමේ වගකීම යොවුන් පිතිකරු අශේන් බණ්ඩාර සතුය. මීට අමතරව ලහිරු උදාර හා තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ලහිරු සමරකෝන්, සුමින්ද ලක්ෂාන් යන ප්‍රභල ක්‍රීඩකයන්ද SLC Blues කණ්ඩායම සතුය. මෙම කණ්ඩායමේ පිතිකරුවන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේදී හා සමස්ත විස්සයි විස්ස තරගයන්හිදී දක්වා ඇති දක්ෂතා කෙරෙහි මීළඟට අවධානය යොමු කරමු.
කණ්ඩායම් නායක චරිත් අසලංක ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ මෑතකාලීනව විශිෂ්ඨ දස්කම් පෑ පිතිකරුවෙකි. ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 20කට ක්‍රීඩා කරමින් ලකුණු 521ක් රැස්කිරීමට සමත් වී ඇත්තේ 28.94ක පමණ පිතිකරණ සාමාන්‍යයක්ද රදවා ගනිමිනි. චරිත් අසලංක විස්සයි විස්ස පිටියේ තවමත් තරග 60කට පමණක් ක්‍රීඩා කොට ඇති අතර එහිදී ලකුණු 1305ක් රැස්කොට ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනීම 38කදී ලකුණු 678ක් රැස්කොට ඇති අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ විශිෂ්ඨ දස්කම් පෑ ධනුෂ්ක විස්සයි විස්ස පිටිය තුළදී ලකුණු 2849ක් රැස්කිරීමට සමත් වී ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතක 17ක් සමගිනි.
ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ජාතික විස්සයි විස්ස කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ලෙසින් කටයුතු කළ අතර ඔහු තරග 22ක් තුළදී ලකුණු 412ක් රැස්කිරීමට සමත් වී ඇත. විස්සයි විස්ස පිටිය තුළදී ලකුණු 1624ක් රැස්කිරීමට ධනංජය සමත්වී ඇත. සදීර සමරවික්‍රම ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 9කට ක්‍රීඩා කොට ඇති ක්‍රීඩකයෙකි. ඔහු සමස්ත විස්සයි විස්ස ක්‍රිකට් පිටිය තුළදී ලකුණු 1675ක් රැස්කිරීමට සමත් වී ඇත්තේ ශතකයක්ද සමගිනි. තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සමස්ථ විස්සයි විස්ස තරග 62කට ක්‍රීඩා කරමින් ලකුණු 481ක් රැස්කොට ඇත.
දේශීය ක්‍රිකට් පිටියේදී දස්කම් පෑ ලහිරු උදාර විස්සයි විස්ස ඉනීම 40ක් තුළදී ලකුණු 786ක් රැස්කිරීමට සමත් වී ඇත. යොවුන් ක්‍රීඩක අශේන් බණ්ඩාර විස්සයි විස්ස ඉනිම 31ක් තුළදී ලකුණු 686ක් රැස්කොට ඇති අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 28.58ක් ලෙසින් සටහන් වෙයි. තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු සමරකෝන් විස්සයි විස්ස පිටියේදී ලකුණු 509ක් රැස්කොට ඇති අතර ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 150 ඉක්මවා ඇත. කණ්ඩායම සතුව සිටින තුන් ඉරියව් ක්‍රීඩක සුමින්ද ලක්ෂාන්ද විස්සයි විස්ස තරග වලදී ලකුණු 173ක් රැස්කොට ඇති ක්‍රීඩකයෙකි.
ක්‍රීඩකයා | ඉනීම | ලකුණු | ප්‍රහාරක වේගය | හොදම ලකුණ |
චරිත් අසලංක | 58 | 1305 | 125.48 | 80* |
ධනුෂ්ක ගුණතිලක | 119 | 2849 | 127.98 | 102* |
සදීර සමරවික්‍රම | 64 | 1675 | 119.64 | 100* |
ධනංජය ද සිල්වා | 72 | 1624 | 126.97 | 81* |
අශේන් බණ්ඩාර | 31 | 686 | 125.18 | 101* |
ලහිරු උදාර | 40 | 786 | 131.43 | 94 |
චාමික කරුණාරත්න | 51 | 481 | 117.31 | 75* |
ලහිරු සමරකෝන් | 28 | 509 | 151.94 | 99 |
සුමින්ද ලක්ෂාන් | 12 | 173 | 112.33 | 31* |