• Chathura Ramanayake

චමීරට අමතරව ආබාධයන්ට ලක්ව සිටි තවත් වේගපන්දු යවන්නන් දෙදෙනෙක් පුහුණු කඳවුරට ?


එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොටගනිමින් පුහුණු කදවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන සංචිතය වෙනුවෙන් මෙම පුහුණු කදවුර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.


පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ තණතීරු ලෝක කුසලානය පැවැත්වෙන ඕස්ට්‍රේලියානු තණතීරු වලට සමාන බැවින් පුහුණු කදවුර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පවත්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙල නිලධාරියෙක් Pakistan Observer වෙත පවසා ඇත.ක්‍රීඩකයන්ට සතියක පමණ විවේක කාලයක් ලබාදීමෙන් අනතුරුව මෙම මස තෙවන සතියේ සිට මෙම පුහුණු කදවුර ආරම්භ කිරීමට නියමිතය.



ආසියානු කුසලාන තරගාවලියට එක්වූ ක්‍රීඩකයන්ට අමතරව තවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මෙම පුහුණු කදවුරට එක් කොටගැනීමට නියමිත බවත් ඒ අතුරින් ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විතය නියමිත දිනට පෙර ICC ය වෙත යවන බවත් එම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයා සදහන් කොට ඇත.


වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධය සුවවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක් කිරීමට නියමිතය. එම ආබාධයට ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එය ඕස්ට්‍රේලියාවේදී සිදුකරනු ඇතැයි Pakistan Observer වෙබ් අඩවිය වාර්තා කොට ඇත.


එමෙන්ම තේරීම් කමිටුව විසින් වේගපන්දු යවන ක්‍රීඩකයන් වන බිනුර ප්‍රනාන්දු හා ලහිරු කුමාර පල්ලෙකැලේදී පැවැත්වෙන පුහුණු කදවුරට එක් කොටගැනීමට නියමිත බවද Pakistan Observer වෙබ් අඩවිය වාර්තා කොට ඇත. මෙම ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු අතිරේක ක්‍රීඩකයන් ලෙස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක් කොටගැනීමට නියමිත බවද එම වාර්තාවේ සදහන්.


311 views0 comments